මුල් පිටුව › සමූහ › 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰 Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰 - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # Adult
මෙම telegram නාලිකාව link
💖 සිත්සේ ලියන්න 💖 ✨ කවියෙකු රචකයෙකු වන්න ✨ 🌹ලස්සන ලස්සන videos චිත්‍ර බලන්න.🌹 🏡 රචකයින්ගේ නවාතැන්පලට එකතු වන්න..🏡 t.me/kathamaduraofficial/511 කතෘ අයිතිය රකිමින් ඔබේ නිර්මාණ සැමටම අප යොමු කරන්නෙමු..💖 Join 🇱🇰📚 කතා මැදුර Official_✓™ 📚🇱🇰
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

434 අනුගාමිකයින්
08 Oct 2026 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
VENUS 🤍

​ලා පිනි පූදින - සීතල ගොම්මන්
අළුයම් හිමිදිරියේ
පෙරදිග අහසේ - හිරුට මුවාවුණ
මා ප්‍රිය සුකුමලියේ

​බොල් පිනි වෑහෙන - සීතල ගොම්මන්
කෙළිලොල් සන්ධ්‍යාවේ
බටහිර අහසේ - හිරුගෙන් වෙන්වුණු
මා ප්‍රිය සුකුමලියේ

​හිරුගේ දැහැනින් - පීදුනු පෙම්මල
පරවැයි සුරතලියේ
මේ ගෙයි වහලට - ඉහලින් පායන
එකවත් මදැයි ප්‍රියේ

​මා ලය කළුවන - කරුණක් වේ නම්
නුඹ ඒ නොයෙන උදේ
මා ලය කළුවන - එළියක් දේ නම්
නුඹ ඒ නොයෙන රැයේ

​පහන් තරුවැයි - ඉරබටු තරුවැයි
වෙනසක් කොහෙදැයි - මතු යම් උදයක
පායා වැටියන් - මහද ට සිකුරුලියේ

​-P.S.Liyanage-
Thursday , 8 Oct. 2026

@kathamaduraofficial
Telegram post image
ශබ්දයට නොකියූ ඇබ්බැහි වීම

සමාජයේ, අපි මත්ද්‍රව්‍ය, මත්පැන් හෝ සමාජ මාධ්‍ය ඇබ්බැහි වීම ගැන නිතර කතා කරන දේවල්..ඒත්  මේ අපි කලාතුරකින් පිළිගන්නා එක් ඇබ්බැහි වීමක් සම්බන්ධයෙන් වචන ටිකකුයි..අමුතු නිශ්ශබ්දතාවය මටනම් අපහසුයි.සෑම උදෑසනකම සංගීතයට අවදි වීම පසුබිමේ යූ ටියුබ් සිංදුවක් දාගෙන වැඩකරන එක මටනම් නොකර බැරිම දේවල් වගෙයි..

එක් සන්ධ්‍යාවක් විදුලිය විසන්ධි වූ විට, දුරකථන බැටරිය මිය ගිය විට, කාගෙවත් කටහඩක් නැතුවම හදිසියේම සම්පූර්ණ නිශ්ශබ්දතාවයකට මුහුණ දෙන එක?

“ඒ නිශ්ශබ්දතාවය අන්ධකාරයට වඩා භයානකයි .”

අපි නිශ්ශබ්දතාවයෙන් ඉන්නේ ඇයි?
ඒ නිශ්ශබ්දතාවය අපට අපටම මුහුණ දීමට බල කරන නිසා කියලයි මටනම් හිතෙන්නේ.

අපගේ බිය, පසුතැවීම සහ සැබෑ සිතුවිලි ගැන දාර්ශනිකයෙක් වෙන බ්ලේස් පැස්කල් වරක් ලියූ පරිදි,
"මිනිස් වර්ගයාගේ සියලු ගැටලු පැන නගින්නේ මිනිසාට කාමරයක නිහඬව වාඩි වීමට ඇති නොහැකියාවෙනි."  කියන එකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ ශබ්ශය අවශ්‍යයි කියල තමයි.

මට අනුව ශබ්දය නූතන ඖෂධය බවට පත්ව වෙලා කියන්න හේතු 👉 විවිද ශබ්ද ඔස්සේ විවිද හැගීම් ලබා දෙන්න පුලුවන්,ජීවිතවල නිදන් කතා  දුක සතුට ඒ මැජික් ශබ්ද එක්ක මතක් කරල දෙන්න පුලුවන්,ජීවිතවල හිස්බව ආවරණය කිරීමට, පරාවර්තනය වළක්වන්න   සහ අපහසු සත්‍යයන්ගෙන් ගැලවීම හැගීම් පාලනය කරන්නත් ශබ්දයට පුලුවන්.

නමුත් නිරන්තර ශබ්දය පසුපස අපි ස්වභාවධර්මයට, අන් අයට සහ අපටම සවන් දෙන ආකාරය අමතක විවිදාකාර වෙන්න පුලුවන්.

මිනිසුන් නිශ්ශබ්දතාවය සතුරෙකු ලෙස නොව මිතුරෙකු ලෙස සැලකුවා නම් සිතා බලන්න. මිනිත්තු කිහිපයක නිශ්ශබ්දතාවය පැය ගණනක් අනුචලනය කිරීමට වඩා මනස සුව කරන්න පුලුවන්.

හැබැයි නිශ්ශබ්දතාවයට බිය නොවෙමු - එය ඇති කළ හැකි දේට අපි බිය වෙමු.

බස්සා. 🦉
Telegram post image
මුහුදුකරේ මුනගැසුන අව්‍යාජ සිනහව

රළ පහරේ නිහඬ වැලඳ ගැනීම තුළ,
නිමක් නැති නිල් පාට හමුවන තැන,
නාවික නිලධාරියෙක් මුහුද අසල සිටගෙන සිටින්නට විය. ඒ නාවිකයෙකු පමණක් දැන සිටින ලෝකයේ නිතර ඔහුට ගැටීමට සිදුවන මුහුදු රස්සාව එක්තරා සුන්දර රැකියාවක් බව සියැසින් අත්විඳිය හැකි සිරිලක එක් වෙරලක වැල්ල මත ඇවිද යන අතරමග විඩා නිවන අරමුණ ඇතිවය.

වාතය ලුණු සහිත විය, ග්‍රීෂ්මයට සුළඟ කරුණාවන්ත විය.
ධීවරයන් වෙහෙසකරව දැල් එළන විට,
උදම් රිද්මයේ ගෙතුණු ඔවුන්ගේ ජීවිත,
මෙම සාමකාමී,මුහුදු අසිරිය මදකට වෙනස් කරන්නට විය.මට ඒකාලයේදී නම් එය සුලභ නමුත් ඇති වීමක් නොවන මුහුද දෙස බලා සිටීම විඩාබර දිවියට හරණක් වන හෙයින් එය මග හැරිය නොහැකි විය.

තනිව බලාසිටින තැනට හෙමි හෙමින් ඇවිද ආ කුඩා ආත්මය ,රාත්‍රිය ආලෝකමත් කළ හැකිතරම් දීප්තිමත් සිනහවක් ඇති ගැහැණු ළමයෙකුගේය. කෙලිලොල් සමනල දගකාර ජීවිතයක් ඇය සතු බවට සෙල්ලමින් පසු ගත ඉතිරිව ඇති කිලිටි සලකුණු ශාක්ෂි සපයන්නට විය.
ඇගේ දෑස් කුතුහලයෙන් යුක්ත විය.
ඇගේ සිනහව පිරිසිදු විය,සැනසිල්ලේ විඳදරාගත හැකි මෘදු සුළඟක් මෙන් විය.

ඇය මට ගොඩක් සමීපව හිටගෙන හුරතල් දමිල බසින් දොඩමලු වන්නට විය.
යන්තමට ඇයට සිනහව ගෙනෙන වචන කිහිපයකින් බස හසුරවන්නට මාත් තරමක් දැනුමැත්තෙකු විය.

ඇගේ අහිංසකකම මුහුද තරම් විශාල විය.
ඇගේ කුඩා අත්, ඉතා මෘදු හා කුඩා වූ අතර නැති වූ දත් සමඟ,ඔලකඩ මුවින් ඇය සිනාසෙමින් කතා කරන්නට විය.

"ඔයා ලග මට රසකැවිලි තියෙනවද?"
ඇය ඇසුවේ දෑස් විසල් කරගෙනය.
බස කුමක් උවත් ඇයගේ පැනය මට තේරුම් ගැනීමට හැකි විය.ඇගේ කටහඬ තනුවක් මෙන් විය.ආයාචනාත්මක විය.නමුත් ඇයගේ වඩදිය බාදිය වැනි චලිත ජීවිතය පිලිබදව චිර විනිශ්චයක් එම කටුක පරිසරය තුල නොවෙන්නට විය.

ඇගේ දෙමාපියන්ව, දුරස්ථ කටුක නමුත් අල්ප ලැදුමෙන් සතුටු විය හැකි ජීවිතයක් විසින් හසුරුවන්නට විය.නිශ්ශබ්ද නිරවුල් පරිසරය දාහය වෙහෙස පිරි ආත්මයන් විසින් කර්‍යබහුල කරන්නට විය. බලු කපුටු ගෝෂාවන් ඔවුන්ගේ පාලු මකන්නට විය.

පොඩි එකී, බරක් නැති, වගකීම් නොහදුනන ඇගේ එම ආගන්තුක මුහුර්තය ඉතා පහසුවෙන් මා සමඟ බෙදා ගන්නට විය. එය මෘදු වාචික අඩක් නොතේරෙන බස තුලින් ඇගේ සියලු වේදනාවන් සෝදා හරින්නට දරණ වෑයමක් ලෙසද මට හැගෙන්නට විය.

මට අව්‍යාජවම සිනාසීමට වරම් දීමට එම මොහොතට හැකි විය .මගේ හදවත මොහොතකට සැහැල්ලු වී හිස්ව ගියමුත් එය ඉතා සුලු වේලාවකට සීමා විය.

මක්නිසාද යත් ඇය ඉදිරියේ සියල්ල නිවැරදි යැයි ඇය සිතන ලෝකය ඇයට දිනයක දුෂ්කර විය හැකිය. අරගලය සැබෑ ය,නමුත් ඇගේ සතුටට මුද්‍රා නොතැබෙන්නටනම් ඇය මෙම වියේම සදහටම සිටිය යුතුයි නේද මට සිතෙන්න විය.

"ඉක්මනින් එන්නම් රසකැවිලිත් එක්ක හොදේ..මෙතනම ඉන්න"
වේගයෙන් පැවසීමට අවැසි උනත් කෙසේ ඇයට පවසන්නද දැන නොසිටියාවෙන් දන්න දමිල ටික සමඟ අත මුහුණ අභිචලන ලොකු ශිල්පයක් දමා එය ඇයට තේරුම් කිරීමට වෑයම් කරන අතරතුර කිහිප විටක් කඩය දෙසටද ඇගිල්ල දිගු කරන්නට සිදු විය.

නොසිතූ වෙලාවක ඇය සතු වූ කඩචෝරු මල්ල ,ඇයගේ ඔලකඩ මුවට සුලු විරාමයක්වත් නොදී සිනාවකින් විවර කොටම තැබීමට සමත් විය . ඇයගෙන් මා කිනම් ප්‍රතිචාරයක් ලැබීමට සමත් වේ දැයි..හිත පැන නැගෙන්නට විය.

THANK YOU UNCLE ඇය ලැජ්ජාවෙන් තෙපලත්ම ලෝකය ඉන්ද්‍රජාලකම් නිසාදෝ නිවැරදි වී ඇතැයි මට සිතෙන්නට විය.ඇය ගැන,ඇයගේ ආත්මය ගැන කම්පා නොවී සිටීමට තරම් ඇයගේ එම වචන ප්‍රමාණවත් විය..ඇයගේ තරමට..ඇය දකින ලෝකය තුල ඇයව ඔසවා තැබීමට ඒ බ්‍රිතාන්‍ය වචන කිහිපය පමණක් දැනට සෑහෙන බව සිතීම මා සිතට මොහොතක සැනසීමක් ගෙන දෙන්නට හේතු විය.

සුන්දරත්වයේ කතාවක්, තවත් කල් පවතීයැයි හැගෙන මතකයක් , බොහොම සුන්දර හමුවීමක් සමග සන්නද්ධව සිටින විටකදී චාරිකාව අවසන් කර කදවුරට යන ලෙසට හැංදෑව විසින් අණ කරන්නට විය. බාල මහලු කවුරුත් දන්නා "ටටා " එකකින් මා හට ප්‍රේමනීයව සමුදෙන්නට ඇයද දැන සිටියාය.

යන මගට පසු පස හැරෙන සෑම විටකම ඇය කඩචෝරු මල්ලට අත හොවා එලියට ගෙන විගසින් කට පුරවන පැණි රස සමග නොනවත්වා ඉහල පහල යවන කාර්‍යබහුල අතක් ඇතිව මා දෙස නෙත විවර කර සිටින්නට විය. නැවත නැවත "ටටා" දෙන්නට උවමනාමුත් රස රස රසය ඉදිරියේ දෑතම කාර්‍යබහුල බව මට අගවන්නට අවැසි බව ඇගේ සිනහව කියාපාන්නට විය.

දරුවෙකුගේ පිරිසිදු සිනහව - සියල්ලටම වඩා උතුම්ම තෑග්ගක් බව පසක් කිරීමට සාක්කි ලෙස තබා ගෙන හිටපු ෆොටෝ කිහිපයට අදට වසර දෙකක් යනුවෙන් ගූගල් විසින් සිහි කැදවීමක් එවීම නිසාවෙන් නෙතගැටී ගිය මේ පිංතූර මතකය සමඟම උඩුගත කරන්නටයි සිත කන්නලව් කරන්නට වූයෙන් මෙසේ ඵල කරන්නට විය . TX 🤸‍♂️🖤.

බස්සා 🦉
Telegram post image
මත් වෙන්ට නම් බැරියැ

සීත දා බිඳු ඇගේ තනියට
දෑල කන්පට විරහ මරතේ
උදේ පිටවුණු ප්‍රේමවාතය
හවස ඉලපත පහුරු ගාතේ

මරු කටේ සිට පිපුණු කඩුපුල්-
නීල උත්පල සුවඳ නොදෙතේ
තවත් දස අවුරුදු පැසුණු විට
උනුත් එකටම පහුරු ගාතේ

- P. S. Liyanage -
( Sat, 12 Sept., 2026 )

@kathamaduraofficial
@kathamadurachats
Telegram post image
Lily flowers bloom in May! 🌿🌷

https://www.youtube.com/watch?v=HgXPN0cOiRI
Telegram post image
පොළොව සිට නිල්
අහස බැදි පවුරු
සොලොස්වක රෑක තරු
හොයන්නේ කවුරු
පැටලිලා පය වැටී
රිදෙන විට ඉවුරු
අමාවක දා පිපෙන
තරු වුවද සොදුරු ❤️🤩

~Yassa 🧸
12.09.26
Telegram post image
පුහු වෛරාග්‍ය

තාරුකා වැගිරුණු
සීත නිශා කල
කුල්මත්ව ගියෝ
වන ලැහැබ් - තුරු වියන්
මැද තනිව ඉකිගසන
කෝඩුකාර - නෙත් කෙවෙනි
පුහු - වෛරාග්‍ය සවන්
දැක නෑර ලොබ බඳිත්
හඬ අසා උමතු වූ
පරසක්වල සඳක්

- P. S. Liyanage -
Telegram post image
( මේක මාර ලස්සනයි වගේම අර්ථවත් )

Restart !!!

බිඳී ගිය හීනවලට - ලතවෙන්න කොහෙද වෙලාවක්
හදවතේ තියෙන වේදනාවට - කඳුලු කරන්නැ ද්‍රෝහිකම්
කඳුලේ ඵලක් නැති තැන - සිනහ විතරක්ම වෙන්නම්
පැන යන ගමන් කියනවා මං - හෙට මං ආයෙත් එනවා

කඩා වැටෙන තාරකාවන්ගෙන් - නැගෙයි වසන්තමය ස්වරයක්
පාෂාණමය පොළොවෙන් - මතුවෙයි නව අංකුරයක්
වැටුණු කහ පැහැ පත්‍ර අතරින් - කොවුලන් ගැයූ රාත්‍රීන්ගෙන් පසුව
උදා අරුණෝදයේ රේඛා දකිමින් මා
අලුත් ගීයක් ගයන්නම්....//

- 12th fail 2023 hindi movie
Telegram post image
නිළඹර 🤍

චින්තන පන්හිඳේ අග,රඟමඩල
නන්දන සියුමැලිය, පැහැබර හඬ පිරිය
චන්දන විලේ, පිපි කුසුමක රූ සිරිය
ස්පන්දන නැවතේය,නිලඹර වැසි සළුය..

There is a profound, quiet beauty that emerges when a woman’s grace is viewed not through the lens of desire, but with the clarity of deep admiration. It is the art of seeing her—not as an object to be possessed, but as a masterpiece of spirit, movement, and soul. In that sacred space, stripped of the clamor of lust, one finally discovers the true, breathtaking essence of her elegance, a radiance that speaks not to the eyes alone, but directly to the heart.

Yassa ❤️
~31.05.26

@kathamaduraofficial
@kathamadurachats

#kathamadura_nisadas
Telegram post image
රස විඳින දුක

විහඟුනි නුඹලා
කුමක්ද කරනුයේ ?
සැබැවින්ම ගයනවද ?
අප හෙලා මුලාවක
හොර හොරෙන් හඬනවද ?
මහදේ ද ඇදුණි පද වැලක්
නුඹෙ මියුරු හඬ නමින්
නමුදු මේ පද අසා
යලිත් තොප නොඅඬාපන් !!!

- P.S.Liyanage -

@kathamaduraofficial
@kathamadurachats
Telegram post image
අත්හැරුණි ගුණදහම් ; අත්හැරුණි මිනිස්දම්..

​උඩු හුළඟට එරෙහි
ගිනි වැදුණු - ඔළුගෙඩිය
එකොන සිට නිමාවට
අසිහියෙන් ඇදෙන කල ,,,

​අත්හැරුණි ගුණදහම්
අත්හැරුණි මිනිස්දම්
උමතු විය - අහස් දිය
උමතු විය - ගං දිය

​දැක - පැරදි හද ගැඹර
නොසෙල්වෙද මිහිමඬල ?

- P.S.Liyanage -

@kathamaduraofficial
@kathamadurachats
Telegram post image
කවි පොතක් Publish කලොත් ගන්නවද?

මගේ එවුන්ට ගෙදරටම එවනව ❤️🥹
Telegram post image
ප්‍රභාත්සර ⚡
සංහාරක වජ්‍රායුධයකින් වැසූ වෙස්
නිම්නයක ගැඹුරට ගිලේ
මායාකාරී ඇම්බර් පැහැගත් ප්‍රේමණීය රැස්
මේඝයක සුව ගෙනේ
-Yassa ❤️

@kathamaduraofficial
@kathamadurachats
Telegram post image
ලප් තැනම ලොප් 👀😂

@kathamaduraofficial
@kathamadurachats
Telegram post image
" සවන්යුග පලාගිය මනෝ ගොස නුඹෙද ???"

@kathamaduraofficial
@kathamadurachats
Telegram post image
රිදී රේඛා සිස්වය..

මතුර මතුරා දොරකඩට විත්
නූල් පැන්නුවේ ගෙල වටින් නොවැ
අනේ උඹලට ලජ්ජා නැතුවට
ඇඟිලි සලකුණු කොතෙක් ඕනැද ?

කොඳුර කොඳුරා ඉස් මුදුනෙ සිට
දෙපතුලට කෑ රූමතිය ඇය
ගුගුර ගුගුරා ලයේ පැලියං
රිදී හැරි කළු මේඝලාවිය

-P.S.Liyanage -

@kathamaduraofficial
@kathamadurachats
Telegram post image
She's an old soul with young eyes,
a Vintage Heart ❤️🌊

~Miss.Himanthara Rivanya Wijewardana

-Novel continues after A/Ls 🥹
ආදරය කියන්නෙත් ස්වයං ප්‍රේරණයක් ❤️

ධාරා ගලන්න නම් දරාපු කම්බියක,
ධාරාව වැඩි කරන්න මම උපරිම උත්සාහ කලා,
හැබැයි කොහෙන්දෝ ආපු ප්‍රේරිත චුම්බක බලපෑම නිසා
ධාරාව අඩුවුනා.
ඉතින්,වැඩි රූපක නොදා
නෝමල් යන පරිපථය
වඩා ඵලදායි ඇටවුමක් වුනා.

-Yassa ❤️

~ ස්වයං ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය සෑමවිටම උත්සාහ කරන්නෙ,වැඩිවන ධාරාව අඩුකිරීමටත්,අඩු අගයක පවත්වාගැනීමටත්ය.
එමෙන්ම ස්වයං ප්‍රේරණය ඇතිවීමට නම්, කාලයත් සමග වෙනස් වන ධාරාවක් තිබිය යුතුය.

Bio කාරයෙකුගේ ඩයරිය-
——————————-—————————

අධිමාත්‍ර💛⚡️|#Bio_Karayekuge_Diarya
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය Adult
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 434
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →