මුල් පිටුව › සමූහ › නිසදැස් මැදුර 🌻🦋
නිසදැස් මැදුර 🌻🦋 Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

නිසදැස් මැදුර 🌻🦋 - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 3 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # Fan Club/Celebrities
මෙම telegram නාලිකාව link
නිසදැස් මැදුර 🌻🦋 හදවතට දැනෙන්න යමක්"🤍💫
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

3.1K අනුගාමිකයින්
31 Oct 2026 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
සඳට පෙම් බැඳි අඳුර...🤍

සඳට පෙම් බැඳි අඳුර
කෙදිනකවත් සඳේ හිමිකම නොපතයි...
ඒ සඳ එළියෙන්
ලොවම සුන්දර වන සැටි බලා,
තමන්ගේ අඳුරු බව
නිහඬවම දරාගනී.
සමහරවිට ප්‍රේමයත්
එවැනි අරුම පුදුම දෙයකි...

ළංව හිඳින්නට වරම් නැතිවද
දුරින් හිඳ ආශීර්වාද කරන්නට හැකි,
තමන්ගේ නොවන බව දැන දැනත්
හදවතේ උසස්ම තැනක තබාගත හැකි
අමුතුම ආත්මීය බැඳීමකි.
එහෙත් අඳුරටද
එක් රහසක් තිබිණි...

සඳ එළියෙන් ලොවම නැහැවෙන
සෑම රාත්‍රියකම,
කිසිවෙකුත් නොදකින
තමන්ගේ කඳුළු සඟවාගන්නට
අඳුරට සිදුවිය.

මන්ද,
ලොවට සඳේ සුන්දරත්වය පෙනුණද,
ඒ සුන්දරත්වය නිසාම
අඳුර තවත් අඳුරු වූ බව
කිසිවෙකුත් නොදැන සිටි බැවිනි...

ඉතින්,
සඳට පෙම් බැඳි අඳුරෙන්
එක් පැනයක් අසමි මම...

ලොවම එළිය කරන්නට
තමන්ගේ ආලෝකය දන් දෙන සඳක් වීම
වඩාත් වේදනාකාරීද...
නැතහොත්,
ඒ සඳ වෙනුවෙන් මුළු රැයම
නිහඬවම අඳුරේ ගෙවා දමන
අඳුරක් වීම වේදනාකරීද...?

DIL✍
Telegram post image
🕊​සමහර මිනිස්සුන්ට දැනෙනවා එයාලා ආදරය ලබන්න සුදුසු නැති අය වෙන්නැති කියලා.

ඉතින් එයාලා ඒ ආශාව අතහැරලා ඉන් ඉවතට ඇවිදගෙන යනවා. නිහඬවම කවුරුවත් නැති අවකාශයකට ඇදිලා යනවා, හෙමි හෙමින් අතීතයේ ඒ හිඩැස් වහලා දානවා. 🖤😴
Telegram post image
මේ පාලූ වීදීයේ පියමැන යන්න අනන්තේ

මට තාම බයයි හිත අරගෙන යන්න නිදැල්ලේ

නුබ ස්වප්න විජිතයෙන් සමුගෙන ගියා ඇසිල්ලේ

මග කියාදුන්න තාරුකාව මංමුළා කලේ....

..DAnu..
Telegram post image
දැනිලා තියනවාද යාලුවෝ කවුරුත් නැතුව පන්තියේ කොන් උනාම දැනෙන හැගීම,

දැනිලා තියනවාද ගෙදර මිනිස්සු උඹව පැත්තකට දාලා අනිත් සහෝදරයොන්ට පන දෙන්න වගේ සලකද්දි දැනෙන හැගීම,

දැනිලා තියනවාද පන වගේ ආදරේ කරපු කෙනෙක් දාලා ගියාම දැනෙන හැගීම,

දැනිලා තියනවාද කොච්චර සතුටු හිතෙන්න දේවල් ළඟ තිබ්බාත් හිතේ කිසිම සතුටක් නැති උනාම දැනන හැගීම,

දැනිලා තියනවාද උඹ මහා නිකමෙක් කියලා උඹේම හදවත උඹට දොස් කියද්දි දැනේන හැගීම,

ඇත්තටම ඒ එක දෙයක්වත් තාම දැනිලා නැත්තන් උඹ මාර වාසනවන්තයි බන්.මොකද ඒ හැගීම් මිනිස්සුන්ව හිත ඇතුලෙන් පුච්චලා අලු කරලා දානවා💔

ඒ හැගීම් කාටවත් දැනෙන්න හොද නැ .අඩුම හතුරෙකුටවත්!❤️‍🩹
Telegram post image
​හොඳ දේවල් සමහර විට ටිකක් ප්‍රමාද වේලා එනවා!

​නමුත් ඒවා අනිවාර්යයෙන්ම ඔබ වෙත පැමිණෙනවා..
​ඉවසීමෙන් බලා සිටින්න,
ලස්සන දේවල් හැමවිටම තමන්ගේ වේලාවට පැමිණේ. ✨🖤
Telegram post image
​" කථාකරන මිනිස්සු නිහඬ වෙන්න කලින්
ඒ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න
මොකද ,

නැත්තම් සමහර දේවල් ආයේ කවදාවත්
අහන්න වෙන්නේ නැහැ ! "
🌿🖤
Telegram post image
මල්සරා (බේබදු Version)

කුණු කොල්ලයට මල් දුනු රුපියල් විස්සේ...
විකුණා ඊතල ද හැර දිර රොඩු අස්සේ...
තහනම් කැලෑ කොළ රැදි පාරක ඔස්සේ...
සඳ මත පා තැබුව මල්සර රෑ තිස්සේ...

කතරේ පිපාසෙට හිත් තව ලතැවෙන්නේ...
මල් සර නොනැවතී මත් මල් පැණි බොන්නේ...
සූ විසි පැයේ අවසිහියෙන් ඌ ඉන්නේ...
ආදරේ මොනවාද දන් නෑ ඌ දන්නේ...
🥀💔🌑

#චූටී...✍🥺❤️‍🩹
Telegram post image
""හ්ම් "" කියන්නේ අකුරු දෙකක් වුනාට ඒ අකුරු දෙක ඇතුලේ තියෙනවා හරිම බර හැගීමක්, හුස්මක්...
Telegram post image
සුලං කෝඩෙක වැයු තනුවක
සියුම් පදවැල් ගලපලා...
මගේ හදවත පුරා නුබ ඇදි
සිතුවමට පැහැ අතුරලා...
සෙනෙහේ ලියකම් වලින්
හැඩ දමා හිත සරසලා...
තුන් හිත ම නුබ ලියාගත්තේ
ප්‍රේමයෙන් හිත පුරවලා...

...Ahasii...💜
Telegram post image
බලාපොරොත්තු වෙන්න එපා!
මතක් වෙද්දී පපුව හිරිවැටෙන තරමට ආදරේ කරන්න!
වෙන මනුස්සයෙක් දකිද්දී එයාගේ ඇස් මැවෙන තරමට ආදරේ කරන්න!
කටහඩක් ඇහෙද්දී ඔයාට එයා කතා කරන විදිය දෝංකාර දෙන තරමට ආදරේ කරන්න!
බලාපොරොත්තු වෙන්න එපා!
ගැලරියට දුවලා ගිහින් ෆොටෝ එකකට හාදුවක් දීලා හිනාවක් එක්ක මොකුත් නොවුනා වගේ ඉන්න පුළුවන් තරමට ආදරේ කරන්න🤍✨!"

​𝑈𝑚𝑒𝑠ℎ𝑎𝑘𝑎 𝑆𝑒𝑛𝑎𝑛𝑎𝑦𝑎𝑘𝑎
Telegram post image
​ "මගේ රත්තරන්...
තව මට ඉන්න පුළුවන් දවස් ගණන ටිකයි කියලා ඩොක්ටර් කිව්වා... 🙂❤️‍🩹
ඒත් මගේ හිතට වඩා මට දුක හිතෙන්නේ ඔයාගේ පැත්ත බලලා.
මම නැති ලෝකයකට යද්දී, ඔයා කොහොමද මේ තනිකම දරාගන්නේ?

​මගේ මුළු ලෝකයම වුණේ ඔයා...
මගේ හුස්ම ටිකත් ඉවර වෙන මේ පොඩි මොහොතේ, මට තියෙන එකම ප්‍රාර්ථනාව ඔයාගේ ජීවිතයට සතුටුම ලැබෙන එක විතරයි.
මම ගියත්, මගේ ආදරය කිසිම දවසක ඔයාගෙන් අඩුවෙන්නේ නැහැ.

​ඔයා නිතරම හිනාවෙලා ඉන්න, මගේ ආදරේ...
අපි ආය කවදාහරි දවසක හමුවේමූ!" ✨🕊️

​𝑈𝑚𝑒𝑠ℎ𝑎𝑘𝑎 𝑆𝑒𝑛𝑎𝑛𝑎𝑦𝑎𝑘𝑎
Telegram post image
මතකද කඳුකරයෙ පුංචි කෙල්ල හයිඩිවයි අර බැටළු කොල්ල පීටර්වයි.................👩‍❤️‍👨

ඇල්පස් කඳුවැටිය, මහ රූස්ස ගස්, පුංචි පුංචි දිය පාරවල්, එතකොට අල්මී සීයගෙ පුංචි ලී ගේ

පීටර් වගේ හොඳ යාලුවෙක් එක්ක කඳුකරයෙ ඇවිදින්න , බැටළු පැටව් එක්ක සෙල්ලම් කරන්න, කඳුකරයෙ හැදෙන අලුත් පළතුරු කන්න, අල්මී සීයා හදන රසම රස චීස් කුට්ටි එක්ක කිරි බොන්න හයිඩිට නම් පුලුවන් උනා...

මොහොතකට හයිඩි වෙලා පීටර් වගේ එකම එක හොද යාලුවෙක් හිටියනම් කියලා හිතුනා....

ඔයාලටත් තියෙද හයිඩි එක්ක මතකයන් ..... ? ❣️

#කෝපිපාටළමයි

#copied
Telegram post image
🙂ආදරණීය මම වෙත,

​දන්නෙම නැතුව අවුරුද්දත්
ගෙවිලා යන්න ලඟයි..
​නොලැබුණු දේවල් බොහෝමයි.

තනිවෙච්ච තැන් බොහෝමයි.
විඳවපු තැන් බොහෝමයි.
​ඒත් මේ සේරම දරාගෙන
හිනාවෙලා ජීවත් වුනු හැටි
මතක් වෙනකොට මට,
🏜️💗උඹ ගැන මාරම සතුටුයි..!

මාව තනි නොකරපු උඹට
මං හරි ආදරෙයි..!!💐

​මීට,

                          " මම "
Telegram post image
​හිතේ දුක මහමෙරක් තරම් බර වේලා...
මුවින් හිනාවී හිත හදාගන්නවා...
කොල්ලෙක් අඬන හැටි ලෝකෙට නොපෙනුණාට,
ඒ හිනාව පිටුපස කඳුළක් සැඟවිලා තියෙනවා... 🙂❤️‍🩹

​ජීවිතේ ගැටලු එක්ක තනිවී සටන් කරන,
හැමෝම වෙනුවෙන් හුස්ම ගන්න උත්සාහ කරන,
ඒ අහිංසක හදවත්වල තියෙන බර,
තේරුම් ගන්නේ කී දෙනෙක්ද මේ ලෝකේ ඉන්නේ?

​ඒත් කොල්ලෝ කොහොමත් එහෙම තමයි...
දුකක් ආවත් හිනාවෙන් ඒක වහගෙන,
හෙට දවස වෙනුවෙන් ආපහු නැගිටිනවා! 💪✨

​𝑈𝑚𝑒𝑠ℎ𝑎𝑘𝑎 𝑆𝑒𝑛𝑎𝑛𝑎𝑦𝑎𝑘𝑎
Telegram post image
කැලැන්ඩර කොළ පෙරලුනේ දින මාස සති පහු කරමින්ය
දුක් ගින්දර ආවේ ඇරයුමකින් තොරවමය
ප්‍රේමය යනු මහා බර මුත් සුන්දර හැගුමක්ය
සුදු මැණික,
උබ මට නැති වෙයි ද කියල හිතුනම වැටුණු එක්දාස් එකසිය එක්වෙනි කදුල ලේ පාට ය🫶🏽✨!"

​𝑈𝑚𝑒𝑠ℎ𝑎𝑘𝑎 𝑆𝑒𝑛𝑎𝑛𝑎𝑦𝑎𝑘𝑎
Telegram post image
මේ මල් මට අමුතු සතුටක් ගේන්නෙ.ඇයි ද මන්දා 🙃

ටිකක් වේලා කල්පනා කරාම මට මේම හිතුනා.

අපේ සතුට තියෙන්නේ ලොකු මල් පොකුරු ,සල්ලි,බලය මත ම විතරක් ම නෙමේ.චූටි චූටි දේවල් අස්සෙ අපේ සතුට හැංගිලා තියෙන්නෙ.අපි ඒවා හොයාගන්න ඕනි.

කොච්චර සල්ලි,බලය තිබ්බත් වැඩක් නැ මානසික නිදහස නැත්තන් ❤️‍🩹
Telegram post image
මේ ලෝකෙ අසරණම මිනිස්සු කවුද කියලා ඇහුවොත් මම පෙන්වන්නෙ

පාරෙ ඉන්න යාචකයෙක් නෙවෙයි

ලස්නන හිනා වේලා ඉන්න අහිංසක කම වැඩිම මිනිස්සුන්ව 😀

මොකද 🙂
ඒ මිනිස්සු හැම පැත්තෙන්ම
අසරණයි !

මේක තේරෙන්නෙ
ඒ මිනිස්සුන්ටම විතරයි 🎈!
Telegram post image
සමහරු හැඟීම් වලට පණ දෙද්දි,
තවත් සමහරු ඒ හැඟීම් අමු අමුවේ ඉරුවා 🕊

මොකද දන්නවාද ? ඒ අයට තියෙන්නේ හිත් නෙවෙයි! ගල් හිත් 🙂

ඉතින් ඇයි තවත් බලන් ඉන්නෙ ? ඔයාගෙ හිතට ඇයි ඉඩ නොදෙන්නේ ඔයා ඔයාට හෙන ඉල්ලන දවසක් එන්න කලින් ඒ මිනිස්සුන්ගෙ අයින් වෙන්න 💗!
Telegram post image
​මං වශී වුනු ඒ මායාකාර ඇස්... 🤍✨
කාලය පවා නතර කරන හැඟීමක් දිදී
අහම්බෙන් වගේ මුණගැහුණු ඒ බැල්ම
හිතේ කොනක හැංගුණු හැම හීනයක්ම පාට කළා... 🌸💫

​පාට පොතක ඇඳපු චිත්‍රයක් වගේ
ඒ දෙනෙතේ ගැඹුරටම මම ඇදී ගියා
ආයේ හැරිලා එන්න හිතෙන්නේ නැති තරමට
මම ඒ ඇස් ළඟ සදාකාලිකවම අතරමං වුණා... 🌊🕊️

​𝑈𝑚𝑒𝑠ℎ𝑎𝑘𝑎 𝑆𝑒𝑛𝑎𝑛𝑎𝑦𝑎𝑘𝑎
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය Fan Club/Celebrities
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 3.1K
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →