මුල් පිටුව › සමූහ › ව්‍යාපාර O/L- kkv
ව්‍යාපාර O/L- kkv Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

ව්‍යාපාර O/L- kkv - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # Adult
මෙම telegram නාලිකාව link
You can view and join @kukurampolakkv right away.
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

0 අනුගාමිකයින්
13 Dec 2022 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
The account of the user that owns this channel has been inactive for the last 5 months. If it remains inactive in the next 7 days, that account will self-destruct and this channel may no longer have an owner.
Telegram post image
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා අභිප්‍රේරණාත්මක ZOOM වැඩ සටහන ට ආරාධනා!
පාට පැන්සල්, පැස්ටල්, A4 sheets අරන් එන්න හැමෝම,
Topic: ONLINE MOTIVATIONAL PROGRAMME
Time: January 06 , 2021 03:00 PM

Join Zoom Meeting
https://us02web.zoom.us/j/85037328949?pwd=Sk1pbWlPWW5MQXZTUENhbGQ3QWlOZz09

Meeting ID: 850 3732 8949
Passcode: 654381
Telegram post image
11 ශ්‍රේණිය කළමනාකරණය - 1

ලෝකය පුරාම විවිධ භාණ්ඩ හා සේවා සපයන ව්‍යාපාර පවත්වාගෙන ගියත් ඉන් සාර්ථක ව්‍යාපාර තියෙන්නේ බොහොම ස්වල්පයයි. විවිධ අරමුණු මුල්කරගෙන මිනිසුන් ආරම්භ කරන මේ ව්‍යාපාර වලින් 75% ක් පමණ ආරම්භ කර මුල් වසර පහ තුල බිඳවැටෙන බව ඔබ දන්නවද? එහෙම සිදු වෙන්නේ ඒ ව්‍යාපාර වල නිසි කළමනාකරණයක් නොමැතිකම නිසයි. ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යාපාර අරමුණු ඉටුකර ගැනීම සඳහා ව්‍යාපාරය සතු සම්පත් හොඳින් ප්‍රයෝජනයට ගත යුතු වෙනවා. ඊට කළමනාකරණය කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්.

ලෝකය තුළ තියෙන සම්පත් සීමිතයි. ඒ නිසා ව්‍යාපාරයකටත් එය පොදුයි. මොකද ව්‍යාපාරයට තියෙන ශ්‍රමය අමුද්‍රව්‍ය මුදල් මේ සියල්ල සම්පත්. ඒවා සීමිතයි. ඉන් උපරිම ප්‍රයෝජනයක් ලබාගත යුතුයි.
කළමනාකරණය යන්න නිර්වචනය කිරීමේදී

"ව්‍යාපාරයක් යම් අරමුණක් සඵලදායීව ඉටුකර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලියක්" ලෙස එය නිර්වචනය කළ හැකියි.

මෙම නිර්වචනයේ අඩංගු සඵලදායකත්වය කියන එකෙන් අදහස් වෙන්නේ අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි පරිදි සම්පත් භාවිතා කිරීමයි. ඒ අනුව කළමනාකරණය කියන්නේ තනි ක්‍රියාවක් නොවෙයි. එය එකිනෙකට සම්බන්ධ වූ ක්‍රියාවලියක්. ක්‍රියාවන් සමූහයක එකතුවක්. ඊට එම ව්‍යාපාරය පටන් ගැනීමට පෙර සිදුකරන මූලික සැලසුම් සකස් කිරීම සම්පත් නිසි ලෙස සංවිධානය කිරීම ඒ සම්පත්වලින් උපරිම නිමවුමක් ලබාදීමට ඒවා මෙහෙයවීම සහ ව්‍යාපාරයට අයත් සම්පත් මෙන්ම එක් එක් සුවිශේෂී ක්‍රියාවන් පාලනය කිරීම අයිති වෙනවා.

සැලසුම්කරණය: ව්‍යාපාරයක අරමුණු සහ ඒවා ඉටුකර ගන්නා ආකාරය තීරණය කිරීම.

සංවිධානකරණය: අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා සැලසුම් කළ ක්‍රියා මාර්ග වලට අවශ්‍ය සම්පත් තනතුරු සහ වැඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය.

මෙහෙයවීම: සැලසුම් ක්‍රියාවලියට අනුව බෙදන ලද සම්පත් නිසි ලෙස ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා හැසිරවීම.

පාලනය: සැලසුම් කල අරමුණ නිසි ලෙස ඉටු වේ දැයි සොයා බලා එහි අඩුපාඩු හඳුනා ගැනීමේ ක්‍රියාවලිය.

උදාහරණ:

රටේ පවතින තත්වය නිසා පෞද්ගලික ආයතනයක් සහන මිලට නිවෙස්වලට බඩු ලබා දී ඉන් ලාභ උපයන්න අපේක්ෂා කරනවා. මේ කටයුත්ත නිසි ලෙස කළමනාකරණය කරන්නේ කොහොමද?
නිවෙස් වලට බෙදා හරින්නේ මොනවාද ඊට අවශ්‍ය නීතිමය පහසුකම් සොයාගන්නෙ කොහොමද ප්‍රවාහනය කරන්නේ කොහොමද කියන එක සැලසුම් කළ යුතුයි.

ඉන් පසු අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන සේවකයන් අතර එක් එක් ප්‍රදේශ විදියට ඒවා වෙන්කර අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා සලසා ගත යුතුයි. එය සංවිධානකරණයයි.

ඉන්පසු ව්‍යාපාරයේ අයිතිකරු සේවකයන්ව එම කටයුත්ත සිදු කිරීම සඳහා මාර්ගෝපදේශනයක් ලබාදී පෙළඹවිය යුතුයි. එය මෙහෙයවීමයි.

අවසානයේ සේවකයන් අදාල භාණ්ඩ අලෙවි කිරීමේදී දුවන ගැටලු පාරිභෝගික ගැටලු පිළිබද පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එය පාලනයයි.
Telegram post image
#චෙක්පත් රේඛනය

පලමුවෙනි කොටසින් චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා වගේම චෙක්පතක මූලික කොටස් මොනවද කියලා මම සටහන් කලානේ. අද ලිපියෙන් චෙක්පත් රේඛණයන් ගැන හා වලංගු කාල සීමාවන් ගැන විස්තර කරන්න තමයි හදන්නේ.

සාමාන්‍ය විදිහට චෙක්පතක් ලිව්වා නම් ලිව්ව දිනයත් ඇතුලත්ව මාස හයක කාලයක් දක්වා වලංගු වන අතරම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට චෙක්පත ලිවූ දින සිට වසර දෙකක කාලයක් ඇතුලත හැකියාව තිබෙනවා. චෙක්පතක් රේඛණය කරනවා කියන්නේ මොකක්ද? ගොඩක් අය චෙක්එක ලියලා වම්පැත්තේ උඩ කෙලවරේ සමාන්තර ඉරිකෑලි දෙකක් ගහනවා දැකලා ඇති. ඒ හැරුණම සාමාන්‍ය හා විශේෂ කියලා රේඛණය කොටස් දෙකකට බෙදන්න පුලුවන්. චෙක්පතකට රේඛණයක් යොදන්නේ ඒමගින් චෙක්පතේ ආරක්ෂාව වැඩිකර ගන්නයි

අපි බලමු චෙක්පත් සදහා රේඛණයන් යොදන ආකාරය

1.රූපය ..ආදායකයාගේ ගිණුමට පමණයි
මේක නම් හැමවෙලාවෙම වගේ බහුලව යෙදෙන රේඛණයක්. මේකෙන් කියවෙන්නේ මේ චෙක්පතේ වටිනාකම ලබා ගන්න පුලුවන් වෙන්නේ චෙක්පතේ ආදායකයා වශයෙන් නම සදහන් වෙන තැනැත්තාට පමණයි. ඒ වගේම මේක බැංකුවේ කවුන්ටරයෙන් මාරුකර ගන්න බෑ. අනිවාර්යෙන්ම ආදායකයාගේ නමට තියෙන ජංගම ගිණුමක තැන්පත් කරලා මාරුකරගත යුතුයි.

2.රූපය ..ගනුදෙනු ක්ළ නොහැකියි.
චෙක්පත් වලින් තියෙන වටිනාම ප්‍රයෝජනයක් තමයි තමන්ට ලැබුන චෙක්පත තමන්ගේ ගණුදෙණුවක් පියවන්නට තවත් අයෙකුට පිටසන් කර ලබාදීමට හැකිවීම. මේක ව්‍යාපාරිකයින් අතර හරිම ජනප්‍රිය ක්‍ර‍මයක් වුනත් සමහරුන් කැමති නෑ තමන් දුන්න චෙක්පතක් අතින් අත යනවට ඒවගේ උදවිය යොදන රේඛණයක් තමයි ගණුදෙණූ කල නොහැක.
මේක යෙදුවහම ඒ චෙක්පත වලංගු වෙන්නේ් මුහුණතේ නම සටහන්ව පවතින ආදායකයාට තම ගණුදෙණුව පියවා ගැනීම සදහා පමණයි.

3.රූපය ..උපරිම මුදලට සීමා පැණවීම
සමහර අවස්ථාවන් වලදී මුදල් අගයක් සටහන් නොකර චෙක්පත් ලබාදීමේදී ආරක්ෂාව තකා උපරිම මුදලක් රේඛණයක් ලෙසින් යෙදිය හැකියි. උදාහරණයක් ලෙස ඉහත චෙක්පතේ රුපියල් 14000/- නොයික්මවිය යුතුයි යනුවෙන් රේඛණයක් යොදා තියෙනවා. ඒවිට චෙක්පත ලද තැනැත්තාට චෙක්පතේ අගය ලෙස සටහන්කර මුදල් ගත හැක්කේ රුපියල් දාහතර දහසක් හෝ ඊ්ට අඩු අගයක් පමණයි

4/5.රූප ..වලංගුවන කාලය සීමා කිරීම
සාමාන්‍යයෙන් චෙක්පතක් වලංගු කාලසීමාව මාස හයයි. නමුත් සමහර අවස්ථාවල දින සීමාවන් පණවමින් චෙක්පත් නිකුත් කරනවා. බොහෝවිට රාජ්‍ය ආයතන වලින් කරනු ලබන ගෙවීම මෙලෙස දින සීමාවට යටත්ව නිකුත් කරනවා. ඉහත උදාහරණයේ පරිදි දින 30 60 90 වශයෙන් සීමාවන් යෙදීමට හැකියාව තිබෙනවා. එලෙස සදහන් දින ගණන පසුවුවහොත් ඒ චෙක්පත අඟරු චෙක්පතක් බවට පත්වනවා

6.රූපය .. විශේෂ රේඛණයන්
මේකේ තියෙන විදිහට මේ චෙක්පත අනිවාර්යෙන්ම ලංකා බැංකුවේ මැල්සිරිපුර ශාඛාවේ ආදායකයා නමින්ම ඇති ගිණුමක තැන්පත් කිරීමෙන් පමණක් මුදල් ලබාගැනීමට පුලුවන්. වෙනත් කිසිදු ආකාරයකට මුදල් ලබා ගත නොහැකියි. නැතහොත් චෙක්පත යලිත් අණකරුවෙත ලබාදී වෙනත් චෙක්පතක් ලබා ගැනීම හෝ යොදා ඇති රේඛණය අවලංගු කරගත යුතුයි.
Telegram post image
හවුල් ව්‍යාපාර

හවුල් ව්‍යාපාර සඳහා බලපාන්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතයි. ඒ අනුව ලාභ ලැබීමේ අරමුණින් පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවයන් හවුල් ව්‍යාපාරයක් වෙනවා. මේ හවුල් ව්‍යාපාරය යටතේ භාණ්ඩ මෙන්ම සේවා සැපයීමද සිදු කළ හැකි වෙනවා. ඒ නිසා නීතිඥයන් බදු නිලධාරීන් වෛද්‍යවරුන්ට හවුල් ව්‍යාපාර පවත්වාගෙන යන්න පුළුවන්.

හවුල් ව්‍යාපාරයක ලක්ෂණ,

1. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සිටිය යුතු අවම සාමාජිකයන් සංඛ්‍යාව දෙකක් වන අතර උපරිම සංඛ්‍යාව විස්සක් වෙනවා. මේ බව නීතිගතකර තියෙන්නේ 2007 අංක 7 දරණ සමාගම් පනතට අනුවයි.
2. හවුල්කරුවන් අතර හවුල් ගිවිසුමක් තිබිය යුතු වෙනවා. හවුල් ගිවිසුමක් කියන්නේ හවුල්කරුවන් අතර ඇති කරගන්නා එකඟතාවයි. මේ එකඟතාවය ලිඛිතව වාචිකව නැත්නම් ව්‍යංගයෙන් ඇතිවෙන්න පුළුවන්. වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී යොදන ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩිනම් අනිවාර්යෙන්ම හවුල් ගිවිසුම ලිඛිතව පවත්වාගෙන යා යුතු වෙනවා. එය හවුල් ඔප්පුව කියලා හඳුන්වනවා.
3. හවුකරුවන් එකිනෙකා අතර පවතින වගකීම අසීමිත වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරය ණයතුරුස් ගෙවීමේදී ගෙවීමේදී ඔවුන්ට තමන්ගේ පෞද්ගලික වත්කම් වලින් පවා ණය බේරුම් කරන්න වෙනවා.
4. හවුල් ව්‍යාපාරයත් කේවල ස්වාමි ව්‍යාපාරයක් වගේ ලියාපදිංචිය අනිවාර්ය වන්නෙත් නැහැ. නෛතික පුද්ගල භාවයකුත් නැති නිසා අඛණ්ඩ පැවැත්මකුත් නැහැ.

හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නන්ට වාසි කිහිපයක් ලැබෙනවා,

1. නීතිමය බලපෑම අඩු නිසා පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්.
2. තනි පුද්ගලයෙක් ප්‍රාග්ධනය යොදවන්නේ නැති නිසා කිහිප දෙනකුගේ ප්‍රාග්ධනය එකතු වෙන නිසා වැඩි ප්‍රාග්ධනයක් එකතු කරගන්න පුළුවන්.
3. හවුල්කරුවන් අතර තියෙන විවිධ දක්ෂතාවයන් ව්‍යාපාරයේ සාර්ථකත්වයට යොදා ගන්නත් පුළුවන්.
4. හවුල් ව්‍යාපාරයේ වගකීම අසීමිත නමුත් හවුල්කරුවන් අතර වගකීම බෙදී යනවා.
5. ව්‍යාපාරය වෙනුවෙන් හැම විටම ගන්නේ සාමූහික තීරණ නිසා ඒවා තනි තීරණ වලට වඩා සාර්ථක තීරණ ගන්න පුළුවන් වෙනවා.

හවුල්කරුවන්ට හවුල් ව්‍යාපාර නිසා යම් යම් අවාසි සිදු වෙනවා,

1. යම් විදියකින් ව්‍යාපාරය අලාභ ලැබුවොත් එහි වගකීම පියවීම සඳහා පෞද්ගලික ධනය යොදවන්න සිදුවීම.
2. ව්‍යාපාරයේ ලාභ හවුල්කරුවන් අතර බෙදී යාම
3. පිරිසක් සමග වැඩ කිරීමේදී මතභේද ඇති වීම
4. හවුල් ව්‍යාපාර වලට අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම සහ නීතිමය පුද්ගලභාවය නොමැති වීම

හවුල් ව්‍යාපාර ආඥා පනතට අනුව හවුල් ව්‍යාපාර ගිවිසුම කඩවීමෙන් හවුල් ව්‍යාපාරය අහෝසිවී යනවා.
upulwe.tharanga@gmail.com
Telegram post image
ව්‍යාපාර සංවිධාන - 2
ව්‍යාපාර සංවිධානය යටතේ ඒක පුද්ගල ව්‍යාපාර ගැන වැඩිදුර විස්තරයක් මේ ලිපියේ දැක්වෙනවා.
ඒක පුද්ගල ව්‍යාපාර හඳුන්වන තවත් නමක් තමයි කේවල ස්වාමි ව්‍යාපාරයක් කියන්නේ. ඒ ව්‍යාපාරයට ඉන්නේ තනි අයිතිකරුවෙක් විතරයි. ලෝකය පුරා ව්‍යාප්ත වෙලා තියෙන ව්‍යාපාර අතරින් බහුලවම තියෙන සංවිධානයක් තමයි මේ ඒක පුද්ගල ව්‍යාපාර. මේවා අයිති වෙන්නේ හිමිකාරත්වය අනුව පෞද්ගලික ව්‍යාපාර ගණයට. ඒ වාගේම එහි පරිමාණය අනුව සුළු පරිමාණද මහා පරිමාණ ද කියන කියන එක තීරණය වෙනවා. ඒක පුද්ගල ව්‍යාපාර නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාර ලෝක පුරා වැඩිපුරම දකින්න ලැබෙන හේතු දෙකක් තියෙනවා.

    a. කුඩා ප්‍රාග්ධනයකින් පහසුවෙන් ආරම්භ කළ හැකිවීම
    b. අයිතිකරුවාගේ දක්ෂතාවය හා කැපවීම අනුව ඒ ව්‍යාපාරය ස්වාධීනව කරගෙන යා හැකි වීම.

කේවල ස්වාමි ව්‍යාපාරයක ප්‍රධාන ලක්ෂණ වන්නේ,

1. ව්‍යාපාරයට තනි අයිතිකරුවකු විසින් ප්‍රාග්ධනය ඉතිරිකිරීම් හෝ ණය මුදල් මගින් යෙදවිය යුතු වීම
2. ලාභ අලාභ තනිව භුක්ති විඳීමට සිදුවීම
3. ව්‍යාපාරයේ වගකීම් පියවීම සඳහා තමන්ගේ පෞද්ගලික දේපළ පවා යෙදවීමට සිදුවීම. එනම් අසීමිත වගකීමක් තිබීම
4. ව්‍යාපාරය කටයුතු වෙනුවෙන් වාහන මිලදී ගැනීම බැංකු ණය ලබා ගැනීම ගිවිසුම් ගිවිසුම් වලට එළඹීම සඳහා පුද්ගලයාගේ නමින් සිදුකළ හැකි වීම. එනම් නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම.
5. ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අයිතිකරුගේ කැපවීම මත පවතින නිසා එහි අඛණ්ඩ පැවැත්ම නොමැති වීම.
6. ව්‍යාපාරය නාම ලියාපදිංචිය හැර ලියාපදිංචිය අනිවාර්ය නොවීම

කේවල ස්වාමි ව්‍යාපාරයක වාසි
1. අඩු ප්‍රාග්ධනයකින් ඉතා ඉක්මනින් අවම නීති නීතිරීති යටතේ පහසුවෙන් ආරම්භ කළ හැකිවීම
2. සියලුම ලාභ අයිතිකරු භුක්ති විදිය හැකි වීම
3. ව්‍යාපාරය තනි පුද්ගලයකු විසින් පාලනය කරන නිසා එහි තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වීම ව්‍යා
4. ව්‍යාපාරයේ තීරණ අයිතිකරු විසින් ගන්නා නිසා එහි ස්වාධීන බව ආරක්ෂා වීම

ඒක පුද්ගල ව්‍යාපාර වල අවාසි
1. තනි අයිතිකරුවකු නිසා ව්‍යාපාරයේ අයිතිකරුට අසීමිත වගකීමක් ඇති වීම
2. තනිව ප්‍රාග්ධනය සම්පාදනය කර ගතයුතු නිසා ප්‍රාග්ධන රැස් කර ගැනීමේ අපහසුතා ඇතිවීම
3. ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම
4. ව්‍යාපාරයේ සියලු කටයුතු අයිතිකරුගේ පුද්ගලික නමින් සිදුකරන නිසා නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම
5. ව්‍යාපාරයට අදාළ සියලුම තීරණ තනි පුද්ගලයකු ගන්නා නිසා ඇතැම් විට අසාර්ථක තීරණ වලට එළඹීම

කේවල ස්වාමි ව්‍යාපාරයක් නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාරයක් පිළිබඳ ඉහත සඳහන් කරුණු පිළිබඳ මූලික අවබෝධයක් තිබිය යුතු වෙනවා.
Upul
Telegram post image
ව්‍යාපාර සංවිධාන - 1

ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද?

ව්‍යාපාරයක් කියන එක නිර්වචනය කරනකොට මතක තියාගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ව්‍යාපාරයක් කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා සහ වුවමනා ඉෂ්ට කරන්න භාණ්ඩ හා සේවා සපයන්න පුද්ගල කණ්ඩායමක් එකතුවෙලා සකස් කරපු සංවිධානයක් වෙනවා. ලෝකය පුරා තියෙන ව්‍යාපාර විවිධ ක්ශේත්‍ර වලට විහිදිලා යනවා. කොටසක් අමුද්‍රව්‍ය යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරනකොට තවත් කොටසක් තමන්ගේ කුසලතාවය හා හැකියාව සේවාවන් විදියට අලෙවි කරනවා. ඒ කියන්නේ ලෝකය පුරාම දකින්න තියෙන ව්‍යාපාර කොටස් දෙකක් තියෙනවා. ඒ

* භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර සහ *සේවා සපයන ව්‍යාපාර
විදිහට. මතක තියාගන්න ඕන වැදගත්ම කාරණය තමයි අද ලෝකේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ කුසලතා අලෙවිකරණ ව්‍යාපාරවලට.

ව්‍යාපාරයකට සම්බන්ධ පාර්ශවකරුවෝ ගණනාවක් ඉන්නවා. ඒ අය හඳුන්වන්නේ ඇල්මැති පාර්ශව කියලා. එක කට්ටියක් තමයි ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන අය. ඒ අය එහි අයිතිකාරයෝ වෙනවා . ලෝකය පුරා බිහිවෙලා තියෙන ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන්. ඒසඳහා මූලික පදනම් තුනක් තියෙනවා.

1. හිමිකාරත්වය අනුව වර්ගීකරණය

හිමිකාරත්වය අනුව ව්‍යාපාර වර්ග කරන්න පදනම් වන්නේ ව්‍යාපාරය සඳහා මුදල් යොදවන්නේ කවුද ව්‍යාපාරයේ ලාභ පාඩු අවදානම භාර ගන්නේ කවුද කියන එක මත. ඒ අනුව ප්‍රධාන ව්‍යාපාර වර්ග දෙකක් තියනවා.

      a. පෞද්ගලික අංශයේ ව්‍යාපාර
      b. රාජ්‍ය අංශයේ ව්‍යාපාර

පෞද්ගලික අංශය මුදල් යොදවලා ව්‍යාපාරය ආරම්භ කරලා එහි ලාභ පාඩු භුක්ති විදිනවා නම් ඒ ව්‍යාපාරය අයිති වෙන්නේ පෞද්ගලික අංශයට. රාජය මුදල් ආයෝජනය කරලා එහි ව්‍යාපාර කටයුතු කරගෙන යනවා නම් අවදානම භාරගන්නවා නම් එය අයිති වෙන්නේ රජයට.
 

2. අරමුණ අනුව වර්ගීකරණය

ව්‍යාපාරයක් ආරම්භ කරනකොට එහි විවිධ අරමුණු තියෙන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවේ තියෙන අරමුණ අනුව ව්‍යාපාර වර්ග කරන්න පුළුවන්.

        a. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර
        b. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර

3. පරිමාණය අනුව වර්ගීකරණය

පරිමාණය අනුව වර්ගීකරණය ටිකක් සංකීර්ණයි. ව්‍යාපාරයක පරිමාණය තීරණය කරන්න ප්‍රධාන සාධක හතරක් සලකනවා. ඒ

   i ව්‍යාපාරයේ ප්‍රාග්ධන ප්‍රමාණය
  ii සේවක සංඛ්‍යාව
 iii එහි භාවිතා කරන බලශක්ති වල ප්‍රමාණයන්
 iv ව්‍යාපාරයට ඇති වෙළෙඳපොළ කොටස

ඔය කියන කරුණු ටික සලකලා බලලා පරිමාණය අනුව ව්‍යාපාර කොටස් දෙකකට බෙදෙනවා. ඒ
      a. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
      b. මහා පරිමාණ ව්‍යාපාර විදිහට

මතක තියාගන්න ඕන වැදගත් කාරණය තමයි එකම ව්‍යාපාරයක් මේ පදනම් තුනම යටතේ වර්ග කරන්න පුළුවන් කියන එක. යම් ව්‍යාපාරයක් පෞද්ගලික සුළු පරිමාණ අරමුණු කරගත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒ වගේම යම් ව්‍යාපාරයක් රාජ්‍ය මහාපරිමාණ ලාභ අරමුණ කර නොගත් එකක් වෙන්න පුළුවන්.
upul
Telegram post image
10 ශ්‍රේණිය- ගිණුම්කරණය තාක්ෂණය හා ව්‍යාපාර කටයුතු

තාක්ෂණික වෙනස්වීම් සහ එහි දියුණුව සෑම ක්ෂේත්‍රයකටම වගේම ව්‍යාපාර වලටත් දැඩි ලෙස බලපා තියෙනවා. මේ නිසා අතීතයේ පොත පත ආශ්‍රය කරගෙන සිදුවූ ගනුදෙනු වෙනුවට වර්තමානයේ පරිගණක ආශ්‍රයෙන් ගනුදෙනු සටහන් කිරීම සහ ගනුදෙනුකරුවන් සහ සැපයුම්කරුවන් වෙත පිවිසීම දක්නට ලැබෙනවා.

ඒ අනුව ව්‍යාපාර වල බිල්පත් දුරකථන ජල බිල්පත් ආදිය අන්තර්ජාලය හරහා ගෙවීමත් කාසි හා නෝට්ටු වෙනුවට චෙක්පත් ණයපත් සහ හරපත් භාවිතය දක්නට ලැබෙනවා. ණයපත් හා හරපත් අතර සැබෑ වෙනස ඔබ දන්නවාද?

ණයපතක් කියන්නේ බැංකුවක් විසින් ගනුදෙනුකරුවන්ට ලබාදෙන ණයක්. මේ සඳහා බැංකු ගිණුමක් අදාල බැංකුවේ තිබීම අවශ්‍ය වන්නේ නැහැ. ණයපත් භාවිතා කරන ගනුදෙනුකරුවන්ට මාසය අවසානයේදී බැංකුව විසින් අදාල වටිනාකම හා පොළිය ගෙවන ලෙස ප්‍රකාශයක් එවනු ලබනවා.

හරපත් කියන්නේ බැංකු ගිණුම් සඳහා ගනුදෙනු කිරීම පහසු කිරීමට සපයා ඇති කාඩ්පත් විශේෂයක්. මේ කාඩ්පත් ලබාගැනීමට බැංකුවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මෙහිදි ගණුදෙනුකරුවන් අතර හුවමාරු වන්නේ ඔහුගේ බැංකු ගිණුමේ තියෙන මුදල්. ඊට පොළියක් අය නොවන අතර වාර්ෂික ගාස්තුවක් පමණක් අය වෙනවා.

වර්තමානයේ ජංගම දුරකථනය ආශ්‍රය කරගෙන ගනුදෙනු රට පුරාම දක්නට ලැබෙනවා. දුරකථනය භාවිතා කර ව්‍යාපාර කටයුතු සිදුකිරීම පහසු වෙනවා. ව්‍යාපාරයට සම්බන්ධ ඕනෑම පාර්ශවයකට ඉක්මනින් තොරතුරු ලබා ගැනීමට හා සන්නිවේදනය කිරීමට හැකි වීමත් දුරකථනය මඟින් බැංකු කටයුතු ඉක්මනින් සිදු කරගත හැකි වීමත් ජංගම දුරකථන දත්ත සංනිවේදන ජාලය මගින් ව්‍යාපාරික තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු අන්තර්ජාලයට පිවිස ලබාගත හැකි වීමත් ඒ අතර වෙනවා.
මේ වන විට බොහෝ බැංකු සේවා තමන්ගේ ගනුදෙනුකරුවන් වෙත ජංගම දුරකථන හරහා ගණුදෙනු සිදුකිරීමට කැඳවමින් සිටිනවා. ඒ තුළින් ව්‍යාපාරිකයන්ට බොහෝ වාසි අත් වෙනවා. ඔවුන්ට බැංකුවට නොගොස්ම බැංකු ගිනුමේ ගිණුමේ ශේෂය පිරික්සීම බැංකු ගිණුම් ප්‍රකාශ ලබා ගැනීම විදුලි බිල්පත් ජල බිල්පත් ගෙවීම ගෙවීම ගිණුමකින් තවත් කිරීමකට මුදල් මාරු කිරීම චෙක් පොත් සඳහා අයදුම් කිරීම සිදු කළ හැකි වෙනවා. ඉන් ව්‍යාපාරිකයන්ගේ කාලය ඉතිරිවන අතර ගනුදෙනු කිරීම පහසු වෙනවා. මූල්‍ය කටයුතු ඉතා කාර්යක්ෂම වන අතර කාසි හා නෝට්ටු වශයෙන් එහා මෙහා ගෙන යාමේ ආරක්ෂාව ගැන ගැටලු ඇති වන්නේ නැහැ.

ඊට අමතරව පරිගණක ආශ්‍රිත ගිණුම්කරණය ව්‍යාපාර දක්නට ලැබෙනවා. ඒ අනුව ව්‍යාපාරයේ තොරතුරු ගබඩා කිරීම වාර්තා කිරීම විශ්ලේෂණය කිරීම පරිගණකය ආශ්‍රයෙන් සිදුවෙනවා. මේ සඳහා විවිධ මෘදුකාංග නිර්මාණය කරලා තියෙනවා. quickbooks sage accpac ඒ අතර වෙනවා. මේවා භාවිතය තුළින් ඉක්මනින් ස්වයංක්‍රීයව ගනුදෙනු වාර්තා කර පිළියෙල කරගත හැකි අතර ඉන් කාලය ඉතිරි වෙනවා. ඒ වගේම ශ්‍රමය අවම වන නිසා මුදල් ඉතිරි වෙනවා. නමුත් විදුලිය ඇනහිටීම් පරිගණක වෛරස තාක්ෂණික දෝෂ නිසා දත්ත නැතිවී යාමේ අවදානම වගේම පරිගණක දත්ත ලබාගැනීමේ හා වෙනස් කිරීමේ අවදානමක් වගේම මෘදුකාංග මිලදී ගැනීම සඳහා විශාල මුදලක් ගෙවිය යුතු වීමත් මෙහි අවාසි සහගත තත්ත්ව ලෙස හඳුන්වන්න පුළුවන්.

උපුල් තරංග දිසානායක
Telegram post image
සිට මාස හයකට වලංගුය)
2.බැංකුවේ නම සහ ශාඛාවේ නම
3.හෝ රැගෙන එන්නාට යන විධානය
4.ආදායකයාගේ නම
5.චෙක්පතේ වටිනාකම ඉලක්කමෙන්
6.චෙක්පතේ වටිනාකම අකුරෙන්
7.අණකරුගේ අත්සන
8.චෙක්පත් අංකය
9.චෙක්පත අයිති බැංකුවේ සංඛේත අංකය
10.චෙක්පත අයිති බැංකු ශාඛාවේ සංඛේත අංකය
11.චෙක්පත හිමියාගේ ජංගම ගිණුම් අංකය
12.විද්යුත් කියවුම් දත්ත සහිත තීරුව
චෙක්පත් රේඛන වර්ග අඟරු වීමට බලපාන හේතු වගේම නිතර කරන වැරදිත් වගේම සංචාරක චෙක්පත් ගැනත් ඊලග කොටස් වලින් ලියන්නම්.
මේ සම්බන්දයෙන් කියවන ඔයාලට ගැටලු වගේම දැනගන්න දෙයක් එහෙම ති‍යෙනවනම් අහන්න.

#තොරතුරු අන්තර්ජාලයෙන් හා පොත් වලින් උපුටා ගන්නා ලදී..

අනෙක් අය සමග බෙදා ගන්න. 🖋😌
පේජ් එක පිළිබදව අන් අයව දැනුවත් කරන්න.

FB PAGE - 🔵
https://www.facebook.com/CommerceClz/

FB GROUP -🔵 https://www.facebook.com/groups/641014820004155/?ref=share

TELEGRAM CHANELL - 🔵
https://t.me/CommerceClz

𝐒𝐡𝐚𝐫𝐞 𝐓𝐡𝐞 𝐏𝐨𝐬𝐭
කොමස් පන්තිය ෆේස්බුක් පිටුව
Create By Chathura Nalanda
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය Adult
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →