Telegram
Telegram නාලිකාව Link
Building unstoppable souls 🌚💀💗 - Telegram Channel
👁
2
views
↗
0
joins
මෙම telegram නාලිකාව link
ජිවිතේ හොදම ආයෝජනය අද්‍යාපනයයයි
Telegram නාලිකාව
මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.
365
අනුගාමිකයින්
17 Sep 2026
නවතම පළ කිරීම
Hey guys. I'm back 🔥💀
ඒලෙවල් විබාගේත් ලගයි නේද?🌝⭐⭐
තවම පාඩම් කළේ නැද්ද? 🥲
හරියට plan එකක් නැද්ද?
🌸එන්න අපි එකතුවෙලා පාඩම් කරමු.
අද රෑ ඉඳන් study sessions තියෙනවා.
මේක ගොඩදාගන්න උවමනාවක් තියෙන යාලුවොන්ටත් ශෙයා කරමු 🤘🖤

https://t.me/focuszone2026

වෛද්‍ය ශිෂ්‍ය ජීවිතේ අපිට හම්බෙන සමහර patientsලා…
Exam එකට ඕනි වෙන ලෙඩ විතරක් නෙවෙයි ...
අපේ හදවතේ හැමදාටම මතක රැඳෙන මනුස්ස කතා… ❤️
කවුරු මොනවා කිව්වත්, හැම කට්ටක්ම කාලා , ඉවසීමෙන් doctor කෙනෙක් වෙනවා කියන එක, හොද හදවතක් තියෙන මනුස්සයෙක් ට පඩියක් එක්ක පින් ගොඩක් කරගන්න ලැබෙන , වෙන කාටවත් නොලැබෙන වටින අවස්ථාව ක් .....✨🙏

වෛද්‍ය ශිෂ්‍ය ජීවිතේ අපි හිතාගෙන ඉන්නේ textbooks, lectures, exams, viva, ward classes ගැන විතරයි…
ඒත් hospital wards ඇතුළට ඇවිදගෙන යනකොට තේරෙනවා…
මේ profession එක ඇත්තටම මනුස්ස හැඟීම් එක්ක බැඳුණු ලෝකයක් කියලා… 🥺🤍
එදා Obstetrics & Gynecology ( ප්‍රසව හා නාරි) rotation එකේදී follow-up කරන්න ලැබුණේ severe pregnancy induced hypertension (ගැබ් ගැනීම නිසා ඇතිවූ අධිරුධිර පීඩනය )තිබුණු අම්මා කෙනෙක්.
මුලින්ම ඇයව දැක්කම මට හිතුණේ සාමාන්‍ය pregnant අම්මා කෙනෙක් කියලා…
ඒත් ටිකට් එක බලද්දීත්, doctorsලා discuss කරන දේවල් අහද්දීත් තේරුණා case එක serious කියලා…
ටිකෙන් ටික ඇයගේ blood pressure uncontrolled (වැඩි) වෙලා ඒ අම්මාගේ condition එක දරුණු වුණා…
ඒ නිසා emergency cesarean section( සීසර් එකක්) එකක් කරන්න decision එක ගත්තා.
අපේ HO අක්කා එක්ක ඒ අම්මාව theatre එකට ලෑස්ති කරන වැඩ ටික අපි බලන් හිටියා…
අවසර ගන්න එක…
අම්මට හදිසි අවස්ථාවක් වුනොත් blood ලෑස්ති කරන එක…
Operation theatre list check කරන එක…
BHT එකේ කරන හැමදේම ලියන එක…
ඒ හැමදේම අතරේ doctorsලා කොච්චර calm විදිහට වැඩ කළත්, ඒ තැම්පත් කම ඇතුළේ කොච්චර පීඩනය ක් තියෙනවද කියලා අපිට හොඳටම දැනුණා… 🥺
එදා මට තේරුණා…
doctor කෙනෙක්ගේ responsibilityඑක කියන්නේ බෙහෙත් කොලේක ලියලා දෙන එක විතරක් නෙවෙයි කියලා…
සමහර වෙලාවට එක ජීවිතය ක් නෙවෙයි මේ වගේ ජීවිත දෙකක් බේරගන්න , ජීවිතය ත් මරණයත් දෙක මැදට ගිහින් ඉන්න කෙනෙක්ව කොයි පැත්තට ද වැටෙන්නේ කියලා තීරණය වෙන්නෙ ත් doctor කෙනෙක්ගෙ උත්සාහ ය කැපවීම මත... ජීවිතය ලබාදුන්නොත් ඒ doctor ලබන සතුට...😇 ...ඒ වගේම තමා මරණයට ගියොත් ඒ doctor ගෙ මානසික මට්ටම වෙනස් වෙන විදිහ... නැවත සාමාන්‍ය වෙන්න සමහර විට දවස් ගානක් යන්න පුළුවන් .. ඔලුවත් එක්ක ලොකු සටනක් කරන්න වෙනවා ඒකට ...” මගේ අතින් පොඩි වරදක් හරි වුනාද , පොඩ්ඩක් හරි මං පරක්කු වුනාද" හිතේ ඔය වගේ ප්‍රශ්න කෝටියක් ...🥺🥺
ආය මං කතාවට එන්නම්කෝ....ඊට පස්සේ surgery එක බලන්න අපිට අවස්ථාව ලැබුණා.
Operation theatre එක ඇතුළේ තිබුණේ වෙනමම ලෝකයක්…
ඇස් නිලංකාර වෙන ලයිට්...
Monitors වල සද්දේ...
Doctorsලාගේ බැරෑරුම් මුහුණු...
Nursesලාගේ ඉක්මන් වැඩ...
ඒ හැමදේම අතරේ ඇඳ මත නිහඬව ඉන්න අම්මා කෙනෙක්… 🥺
මේ කලබල සේරම අස්සේ..ඒ මොහොතේ මේ ලෝකේ මුලින්ම දකින පුංචි බබෙක්...
ජීවිතේ පළවෙනි වතාවට බබෙක් සැත්කමකින් , මේ වගේ හදිසි සැත්කමකින් එලියට එන විදිහ එච්චර සමීපයෙන් මම දැක්කේ එදා.😇❤️
ඒ පුංචි අත් දෙක…
පුංචි ඇඟ…
අඬන සද්දෙ…
ඒ හැමදේම දැක්කම හිතට අමුතු හැඟීමක් ආවා…
හැබැයි ඒ සතුට තත්පර කිහිපයකට විතරයි…
බබාව ඉක්මනින් plastic bag එකක් ඇතුළ දාලා අලුත උපන් බබාලගේ ICU ( NICU) එකට අරගෙන ගියා…
මොකද pregnancy කාලෙම මේ බබාට congenital heart disease එකක් ( උපතින් ම එන හදවත් රෝගය ක්) අදුනගෙන තිබුණා…🥺
ඒ මොහොතේ හිත ඇතුළේ ලොකු බරක් දැනුණා…
ජීවිතේ මේ තරම් අසාධාරණ වෙන්න පුළුවන්ද කියලා හිතුණා…
අලුතෙන් මේ ලෝකෙට ආපු පුංචි ජීවිතයක්…
ඒත් ඉපදුන ගමන් ජීවිතය වෙනුවෙන් සටන් කරන්න වෙලා 💔
Theatre එකෙන් එළියට එද්දී corridor එකේ බබාගේ තාත්තා හිටියා…
ඇස් දෙක පුරා කඳුළු…
අත් දෙක එකට බැඳගෙන හිස් බැල්ම ක් එක්ක ඉන්නවා…
අපි දිහා බලපු විදිහ අදටත් මතකයි…
ඒ බැල්ම ඇතුළේ තිබුණේ එකම ප්‍රශ්නයක් .. එයා ඒක අපෙන් ඇහුවා..
“මගේ නෝනටයි බබාටයි කොහොමද ? එයාලා හොඳින් නේද"🥺
අපි එයාව සනසන විදිහට විස්තර කලා.. මනුස්සයෙක් ගේ හිත දුකෙන් ගලවලා ... ඒ මනුස්සයා අහන්න බලාපොරොත්තු වෙන , එක පාරම මුලු හිතේම දුක , බය දිය කරලා දාන්න පුළුවන් දෙයක් කියන්න ලැබෙන එක මහ අමුතු හැගීමක් කියලා මට තේරුනේ එදා💕
බබාව NICU එකට admit කළා…
අම්මාව ත් SICU එකට transfer කළා…
ඒ දවස් ටිකේ ICU culture එක, infection control, visiting rules… ( මේවා ඒ විදිහට ම තියාගන්න , ලෙඩ්ඩු විෂබීජ වලින් ආරක්ෂා කරගන්න රෝහල් කාර්ය මණ්ඩලය ලොකු වෙහෙසක් දරනවා) මේ හැමදේම අපිට අලුත් අත්දැකීමක් වුණා.
ICU එක ඇතුළට යද්දී හැමෝම නිශ්ශබ්ද යි..
Monitors beep beep සද්දේ විතරයි…
එතන ඉන්න patientsලා බලද්දී තේරෙනවා…
ජීවිතේ කියන්නේ කොච්චර වෙනස් වෙන දෙයක්ද කියලා…ඇත්තටම තණ අග පිනි බිදුවක් වගේ තමයී...💔
ටිකෙන් ටික අම්මා හොද වෙන්න පටන් ගත්තා.
පස්සේ ward එකට දැම්මා ම මාත් එක්ක හිනාවෙලා කතා කරන්නත් පටන් ගත්තා…
ඒ හිනාව දැක්කම මට ඇතුළෙන් ලොකු සතුටක් දැනුණා… 🥺🤍 .. මේ අම්මා කිසිම සිහියක් නැතුව ජීවිතය එක්ක සටන් කරාද කියලා අපි ඇස් දෙකට දැකපු නිසා....
එදා මට ඉගෙනගන්න ලැබුණේ medicine ගැන විතරක් නෙවෙයි…
මනුස්සයෙක්ගේ වේදනාව තේරුම් ගන්න හැටි…
අසරණ වෙලාවක පොඩි බලාපොරොත්තුව ක් දීලා ඒ මනුස්සයාව අස්වසන හැටි…
මුලු පවුලක්ම ඒකෙන් සන්සුන් කරලා සතුටු වෙන විදිහ...

Telegram media post
අවුරුදු 2කින් බැරිවුණ දේ මාස 4කින් කරන්නේ කොහොමද? 🤔
අද රිසාල්ට් ඇවිත් මානසිකව වැටිලා ඉන්න ඔයාගේ ඔලුවේ දුවන ලොකුම ප්‍රශ්නෙ තමයි, "අවුරුදු 2ක් පාඩම් කරලත් බැරි වෙච්ච දේ, මම කොහොමද දෙයියනේ මේ මාස 4න් කරන්නේ?" කියන එක නේද? බයටයි ස්ට්‍රෙස් එකටයි ඔයාගේ මොළය සම්පූර්ණයෙන්ම හිරවෙලා ඉන්නේ.
හැබැයි මනෝවිද්‍යාවේ තියෙනවා "Parkinson's Law" කියලා පට්ටම නියමයක්.
ඒකෙන් කියන්නේ "අපි වැඩක් කරන්න වෙන් කරන කාලය අනුව, ඒ වැඩේ සංකීර්ණත්වයත් ඇදෙනවා" කියන එක. ඔයාට විභාගෙට අවුරුදු 2ක් දුන්නම මොළය හිතනවා "ඕක හෙට කරන්න පුළුවන්, ලබන සතියේ බලමු" කියලා. කාලය නිකම්ම ගෙවිලා යනවා. හැබැයි මාස 4ක් දුන්නම? මොළය අර "Survival Mode" එකට (නැත්නම් Fight or Flight තත්ත්වයට) මාරු වෙනවා. ඔයාගේ ෆෝකස් එක 1000% කින් වැඩි වෙනවා. මේ මාස 4 කියන්නේ ඔයාගේ මොළය උපරිම ධාරිතාවෙන් වැඩ කරන, අර නිදිමතේ හිටපු අවුරුදු 2ට වඩා දහගුණයක් දේවල් වේගෙන් අල්ලගන්න පුළුවන් පට්ටම කාලයක්!
මම මේක කියන්නේ නිකම්ම Motivation දෙන්න නෙවෙයි. මේ මගේ ඇත්තම කතාව.
මගේ පළවෙනි පාර රිසාල්ට් එක C, C, S. එදා ඒ අකුරු 3 දැක්කම මටත් හිතුණා මගේ කතාව ඉවරයි, මට කවදාවත් මෙඩිකල් යන්න බැරි වෙයි කියලා. ඊළඟ පාර B, B, C ආවා. හැබැයි මම නැවතුණේ නෑ. මම අර "මාස ගාණෙන් මේක කරන්න බෑ" කියන බය ඔලුවෙන් අයින් කරලා, අර Survival Mode එකෙන් ගේමට බැස්සා. Past papers අරන්, Marking scheme එකෙන් වැරදි හොය හොයා හැප්පුණා. අන්තිමට මම ගෙදර ආවේ A, A, B අරගෙන, දිස්ත්‍රික්කෙන් 21 වෙනියා වෙලා!
Smart Life Truth එක මේකයි: C, C, S වලින් වැටිලා හිටපු මට දිස්ත්‍රික්කෙන් 21ට එන්න පුළුවන් වුණා නම්... අනිවාර්යයෙන්ම, කිසිම සැකයක් නෑ ඔයාට මේ මාස 4න් මේ ගේම කණපිට ගහන්න පුළුවන්.
බය කියන්නේ නිකම්ම හැඟීමක් විතරයි. අද දවසට ඒ බය, ඒ ස්ට්‍රෙස් එක විඳින්න. හැබැයි හෙට උදේ නැගිටින්නේ අලුත් මනුස්සයෙක් විදියට. අර අවුරුදු 2ක මෝඩකම් ආයේ කරන්නේ නෑ කියලා පොරොන්දු වෙලා, ඔයාගේ වැරදි ටික කොළේක ලියලා හරියටම ප්ලෑන් එකක් ගහන්න.
මාස 4යි තියෙන්නේ කියලා අඬන එක නවත්තන්න. මේ මාස 4ක් කියන්නේ හිතුවක්කාරයෙක්ට ලෝකෙම වෙනස් කරන්න පුළුවන් කාලයක්. කඳුළු පිහදාගන්න, පෑන අතට ගන්න. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්! 🤍✨
#ParkinsonsLaw #ALevelsSriLanka #StudyMotivation #NeverGiveUp #WorkSmartLK #SriLanka #SinhalaMotivation #MedicalStudentLK #KeepGoing #ExamTips #MentalStrength #TrustTheProcess #ZeroToHero
.
.
.
✍️ - Samitha

Owner Removed you
සල්ලි තියෙන මිනිස්සුන්ට තවත් සල්ලි ලැබෙන්නේ, සාර්ථක වෙන මිනිස්සු දිගටම සාර්ථක වෙන්නේ නිකම්ම "වාසනාව" නිසා කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? ඇත්තටම නෑ. මේක පිටිපස්සෙත් තියෙන්නේ සාමාන්‍යයෙන් කවුරුත් කතා නොකරන, හැබැයි පුදුම හිතෙන ස්නායු විද්‍යාත්මක (Neurobiological) රහසක්.
අපේ මොළයේ තියෙන මේ අපූරු යාන්ත්‍රණයන් තේරුම් ගත්තොත්, "මම අවාසනාවන්තයි" කියන තැනින් සම්පූර්ණයෙන්ම මිදෙන්න ඔයාට පුළුවන්:
ජයග්‍රාහකයාගේ බලපෑම (The Winner Effect):
මෙන්න මේකයි විද්‍යාව: ඔයා මොකක් හරි පොඩි ඉලක්කයක් ජයගන්නකොට, ඔයාගේ මොළයෙන් Dopamine කියන රසායනිකය නිකුත් වෙනවා. හැබැයි පුදුමයට කාරණය ඒක නෙවෙයි. මේ රසායනිකයන් නිකුත් වෙනවාත් එක්කම, මොළය ඇතුළේ අලුතින් ඒ රසායනිකයන් ලබාගන්න පුළුවන් Receptors (ග්‍රාහක) නිර්මාණය වෙනවා.
ඒ කියන්නේ ඔයා එක පොඩි දිනුමක් ලබාගත්තම, ඊළඟ දිනුම ලබාගන්න තියෙන ආත්ම විශ්වාසය මොළය විසින්ම "භෞතිකවම" (Physically) වැඩි කරනවා. ඒකයි ලොකු ඉලක්ක වලට යන්න කලින් දවසේ පොඩි පොඩි වැඩ (උදේ නැගිට්ට ගමන් ඇඳ හදන එක, පොතකින් පිටු 2ක් කියවන එක වගේ 'Micro-wins') කරලා ඉවර කරන්න කියන්නේ. මොළයට ලොකු දිනුමද, පොඩි දිනුමද කියලා වෙන් කරලා අඳුරගන්න බෑ. මොළයට ඕනේ අර "දිනුමේ රසායනික ප්‍රතික්‍රියාව" විතරයි. ඒකෙන් ඔයාගේ මොළය ජයග්‍රහණයට ඇබ්බැහි වෙනවා.
මනසේ විවේචකයා නිහඬ කිරීම (Transient Hypofrontality):
ඔයාගේ ඔලුවේ නිතරම කතා කරන, "උඹට ඕක කරන්න බෑ", "අනිත් අය මොනවා හිතයිද", "මම fail වෙයිද" කියලා කියන බය කරන කටහඬක් තියෙනවද? ඒකට වගකියන්න ඕනේ මොළයේ ඉස්සරහා තියෙන 'Prefrontal Cortex' කියන කොටස.
හැබැයි ඔයාගේ සම්පූර්ණ අවධානය ඕන කරන, ටිකක් අභියෝගාත්මක වැඩකට ඔයා බැස්සම මොළය පුදුම වැඩක් කරනවා. අර negative විදිහට හිතන, අපිව විවේචනය කරන මොළයේ කොටස තාවකාලිකව "Off" කරලා දානවා. Neurobiology වල මේකට කියන්නේ 'Transient Hypofrontality' (තාවකාලිකව මොළයේ ඉදිරිපස ක්‍රියාකාරිත්වය අඩුවීම) කියලා. මේකට තමයි අපි 'Flow State' එකක ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ, Overthinking (ඕනවට වඩා හිතන එක) නතර කරන්න තියෙන එකම විද්‍යාත්මක ක්‍රමය, කල්පනා කර කර ඉන්න එක නෙවෙයි, මොකක් හරි වැඩක ගැඹුරටම නිරත වෙන එකයි. එතකොට බය ඉබේම Off වෙනවා.
තීරණ ගැනීමේ ශක්තිය හෙවත් Decision Fatigue:
අපේ Willpower (මානසික ශක්තිය) කියන්නේ හරියට ෆෝන් එකේ බැටරිය වගේ දෙයක්. උදේට අපේ තීරණ ගැනීමේ ශක්තිය ගොඩක් ඉහළයි. හැබැයි දවස ගෙවෙද්දී "අද මොනවද කන්නේ?", "මොන ඇඳුමද අඳින්නේ?" වගේ පොඩි පොඩි දේවල් වලට තීරණ අරගෙනම මේ ශක්තිය බැහැලා යනවා (Decision fatigue).
ලෝකේ ඉන්න ගොඩක් සාර්ථක මිනිස්සු (Mark Zuckerberg, Steve Jobs වගේ අය) හැමදාම එකම විදිහේ ඇඳුම් අඳින්නේ, උදේට කන්න මොනවද කියලා කල්පනා කර කර කාලය නාස්ති කරන්නේ නැත්තේ මේ මොළයේ තියෙන වටිනා 'Energy' එක දවසේ වැදගත්ම තීරණ වලට ඉතුරු කරගන්නයි.
කෙටියෙන්ම කිව්වොත්:
ඔයාගේ overthinking, කම්මැලිකම, බය කියන්නේ ඔයාගේ පෞද්ගලික දුර්වලකම් නෙවෙයි. ඒක පරිණාමයෙන් අපිට ලැබුණු මොළයේ 'Default Setting' එක විතරයි. හැබැයි මේ වගේ විද්‍යාත්මක කරුණු දැනගත්තම, ඒක වෙනස් කරන Manual එක දැන් ඔයාගේ අතේ තියෙනවා. ඔයාට ඕනේ නම් මේ මොහොතේ ඉඳන් ඔයාගේ මොළය ජයග්‍රහණයට Program කරන්න පුළුවන්.

හීන දකින්න ඇස් පියාගන්න පුළුවන්…හැබැයි ඒ හීන ජීවිතේ කරගන්න
ඇස් ඇරලා කැපවෙන්නම ඕනෙ... 🌱❤️
ඇස් ඇරලා කැපවෙන්නම ඕනෙ... 🌱❤️
"one more time "
විස්වාස කරන්න ජිවිතේ ලස්සනම දේවල් වෙන්නේ ඉස්සරහට ❤️

අනාගතේ doctorsla වෙන්න ඉන්න අපේ පුංචි යාළුවො ටික මේක හොදට මතක තියාගන්න. අපි අපේ හීන හැබෑ කරගන්න ඕනේ ඊට අමතරව අපි අපේ ආදරණියන් එක්ක වගේම අපි අපි එක්කත් හරි ආදරෙන් ඉන්න ඕනේ රැකියාව ජිවිතේ වගේ තමයි ඒත් ජීවිතය රැකියාවම කරගන්න එපා එකෙන් ඔයාලට ඔයලගේ ජිවිතේ ගොඩක් දේවල් මිස් වෙන්න පුළුවන් 🙂❤️
Stethoscope එකට නොඇසෙන ඔබේ හදවතේ රිද්මය…
.
.
.
.
..
(hospital එකෙන් mentally discharge නොවන ඔබේ හිත ගැන)
“Case එක හරිද?”
“Report එක check කළාද?”
“ඊළඟ patient…”
Duty ඉවරයි.
Coat එක ගලවලා.
ගෙදරට ආවා.
නමුත්…
හිත තවම ward round එකේ.
Bed numbers…
Diagnosis…
Decisions…
Complications…
ශරීරය ගෙදරට එනවා.
නමුත් මනස තවම hospital එකෙන් discharge වෙලා නෑ.
මේක බොහෝ වෛද්‍යවරුන්ගේ නිහඬ සත්‍යය.
ඔවුන් hospital එකෙන් පිටවෙන්නේ body එකෙන්.
නමුත් mind එකෙන් නෙවෙයි.
සමාජය ඔබව හඳුනාගන්නේ “Doctor” කියලා.
Patients ඔබව දකින්නේ “Healer” කියලා.
Colleagues ඔබව දකින්නේ “Professional” කියලා.
ඒත් ඒ සියලු භූමිකාවන්ට ඇතුළත,
තවම ඉන්නවා තවත් කෙනෙක් —
තෙහෙට්ටු මනුෂ්‍යයෙක්.
පවුලක් miss කරන කෙනෙක්.
නිහඬව බර දරන හිතක් තියෙන කෙනෙක්.
වෛද්‍ය වෘත්තිය කියන්නේ හුදෙක් job එකක් නෙවෙයි.
එය high responsibility life එකක්.
ඔබගේ තීරණ කෙනෙකුගේ ජීවිතය එක්ක සම්බන්ධයි.
ඒ නිසාම, duty ඉවර වෙලා ගෙදර ආවත්,
මොළය automatic ලෙස cases replay කරනවා.
“මට තවත් කරන්න තිබුණාද?”
“Decision එක හරිද?”
“Patient එක safe ද?”
මේක dedication එකක්.
මේක care එකක්.
මේක professional conscience එකක්.
නමුත් limits නැතිව carry කරගෙන ගියොත්,
එය slowly mental exhaustion එකක් වෙනවා.
Dinner table එකේදීත් හිත hospital එකේ.
Phone එක silent උනත් mind එක alert.
Relax වෙන්න try කරනකොට guilt දැනෙනවා.
“මම rest කරනකොට patients suffering වෙනවද?”
කියන subconscious thought එක ඇතුළතම ගමන් කරනවා.
Family එක්ක ඉන්නවා…
නමුත් mentally absent.
Smile කරනවා…
නමුත් හිත තවම clinical mode එකේ.
Doctor කෙනෙකුට මේක uncommon දෙයක් නෙවෙයි.
මෙය compassion overload + responsibility fatigue එකක්.
ඔබ දවස පුරාම strong role එකක් play කරනවා.
Calm voice.
Clear decisions.
Professional control.
නමුත් ඒ control එක පවත්වාගෙන යන්න
ඇතුළත energy එකක් වැය වෙනවා.
ඒ energy එක recharge නොකළොත්,
ඔබ නිහඬව empty වෙන්න පටන් ගන්නවා.
ඒ නිසා hospital life එකෙන් home life එකට
mental transition එක ඉතාම වැදගත්.
🩵 Duty ඉවර වෙද්දී මිනිත්තු කිහිපයක් නතර වෙන්න.
හුස්ම ගැඹුරින් ගන්න.
ඔබටම හෙමින් කියන්න:
“Today, I did my best.”
එය perfection නෙවෙයි.
එය humane closure එකක්.
🩵 ගෙදරට ගිය පසු
perfect parent, partner, friend වෙන්න ඕන නෑ.
Presence තිබුණාම පවා සම්පූර්ණයි.
විනාඩි 20ක් හෝ fully present වෙලා
කෙනෙකුගේ කතාව අහන එක,
ඔබගේ nervous system එකට healing signal එකක්.
මතක තබා ගන්න
Hobby කියන්නේ luxury එකක් නෙවෙයි.
එය identity recovery එකක්.
Music, walking, reading, silence…
මේවා ඔබට “Doctor” role එකෙන් පිටත
“මම” කියන පුද්ගලයාට නැවත හමුවෙන්න උදව් කරනවා
ඔබ ජීවිත බේරන වෛද්‍යවරයෙක්.
ඒ Stethoscope එක ගලවද්දී,
ඔබට ජීවත් විය යුතු
එකම ජීවිතය තියෙන මනුෂ්‍යයෙක්.
Hospital එක ඔබේ වෘත්තියයි.
නමුත්
එය ඔබේ මුළු අනන්‍යතාවය නෙවෙයි.
Stethoscope එකට නොඇසෙන
ඔබේම හදවතේ රිද්මයත්
ඇහුම්කන් දීමට ඔබට අවසර තියෙනවා

හැම දෙයකින්ම ඈත් වෙලා කාත් එකක්වත් තරාගයක් නැති ජිවිතේ හරි නිදහස්. ඔයාලටත් එහෙම හිතෙනවද ලමයි 🥲👍
ඔලුව ඇතුළේ ලෝක යුද්ධය (The War Inside Your Head) 🧠⚔️
අපි හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවා.
"පාඩම් කරන්න ඕන" කියලා දන්නවා, ඒත් අත යන්නේ ෆෝන් එකට.
"ඇඟ හදාගන්න ඕන" කියලා දන්නවා, ඒත් කන්න හිතෙන්නෙම පැණි රහ කෑමක්.
"නිදාගන්න ඕන" කියලා දන්නවා, ඒත් රෑ 2 වෙනකම් මොකක් හරි බල බල ඉන්නවා.
ඇයි මෙහෙම වෙන්නේ? ඇයි අපිට අපි හිතන දේම කරන්න බැරි?
සරලවම කිව්වොත්, මේක ඔයාගේ මොළය ඇතුළේ සිද්ධ වෙන "සිවිල් යුද්ධයක්". විද්‍යාත්මකව බැලුවොත් මේක Prefrontal Cortex එකයි Limbic System එකයි අතර ෆයිට් එකක්.
🧠 The Rational Brain (Prefrontal Cortex):
මේ ඉන්නේ අපේ මොළයේ CEO. එයා තමයි තීරණ ගන්නේ. එයා දන්නවා "මේක කෑවොත් මහත් වෙනවා," "දැන් පාඩම් කළොත් විභාගෙ පාස් වෙනවා" කියලා. එයා හරිම logical. හැබැයි එයාට ඉක්මනට මහන්සි වෙනවා.
🐵 The Emotional Brain (Limbic System/ Amygdala):
මේ ඉන්නේ පොඩි ළමයෙක් වගේ කෙනෙක්. එයාට ඕන දැන්ම සතුටු වෙන්න (Instant Gratification). එයාට අනාගතේ වැඩක් නෑ. එයා හොයන්නේ Dopamine. Facebook එකේ notification එකක් එද්දි, රස කෑමක් දකිද්දි මේ කොටස ඉක්මනට active වෙලා අර CEO ව යටපත් කරනවා.
ඉතින් කොහොමද මේ යුද්ධෙ දිනන්නේ? 🤔
අපේ "Emotional Brain" එකත් එක්ක ෆයිට් කරලා දිනන්න අමාරුයි. මොකද එයා හරිම බලගතුයි. ඒ වෙනුවට එයාව පොඩ්ඩක් "රවට්ටන්න" (Hack) කරන්න ඕන.
1. The 5-Second Rule:
මොකක් හරි හොඳ දෙයක් කරන්න හිතුනම, අර "කම්මැලිකම" එන්න කලින් තත්පර 5ක් ඇතුළත ඒක පටන් ගන්න. 5-4-3-2-1 කියලා නැගිටින්න. මොළේට හිතන්න වෙලාවක් දෙන්න එපා.
2. Dopamine Detox (පොඩි බ්‍රේක් එකක්):
උදේ නැගිටපු ගමන් ෆෝන් එක ඔබන එක නතර කරන්න. දවසේ මුලම ලේසියෙන් ලැබෙන සතුටට (Cheap Dopamine) හුරු වුණාම, මොළේ අමාරු වැඩ (පාඩම් කරන එක, ව්‍යායාම කරන එක) ප්‍රතික්ෂේප කරනවා. උදේ පළවෙනි පැය ෆෝන් එක නැතුව ඉඳලා බලන්න.
3. Friction අඩු කරන්න:
නරක පුරුදු වලට බාධා වැඩි කරන්න (ෆෝන් එක වෙන කාමරේක තියන්න). හොඳ පුරුදු වලට බාධා අඩු කරන්න (ජිම් ඇඳුම් රෑටම ලෑස්ති කරලා තියන්න).
අපි හැමෝම මිනිස්සු. හැමදාම 100% ක් හරියට ඉන්න බෑ. වැටෙන තැන් තියෙනවා. ඒත් වැදගත්ම දේ, වැටුණාම එතන නතර නොවී ආයේ අර CEO ට බලය දෙන එක.
මතක තියාගන්න, ඔයාගේ හිතේ පාලනය තියෙන්න ඕන ඔයාට මිසක්, ඔයාගේ හැඟීම් වලට නෙවෙයි. You are the Commander! 🔥
ජය! ❤️💪
#Mindset #MedicalLife #Motivation #Neuroscience #Dopamine #Focus #Discipline #SriLanka #StudyMotivation #FitnessJourney

පුජනියයි උතුම් ආදරේ ❤️
"මගෙ තාත්තා නැතිවෙනවා අවුරුදු 2න්.අවුරුදු දෙක හමාරෙන් අම්මා රට යනවා.හැදුනේ කිරිඅම්මා ගාව.ඒ කාලේ අපිට කනවා බොනවා කියන එකත් ඇත්තටම ගේමක්.කිරිඅම්මා කවදාවත් කන්න බොන්න අඩුවක් කරලා නැ.කුලී වැඩ කරලා හරි කන්න දෙනවා.
මැටි ගෙදර කියන්නෙ මුලින්ම හිටියේ පොල් අතු දාපු ගෙදරක ඒක වහින දවස් වලට හොදට තෙමෙනවා.ස්කොලෙ ගියපුවම බත් අරගෙන යන්නෙ නැ.බත් නැ අරගෙන යන්න.මම O/Lවලට A8,B1 ස්කෝලේ හොදම ප්‍රතිඵල ඒ අවුරුද්දෙ.කුප්පි ලාම්පුවෙන් තමා පාඩම් කරේ.A/L වලට A3යි.අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලවෙනියා.
ප්‍රතිඵල බලන්නවත් මං ගාව ෆෝන් එකක් නෑ. යාළුවා තමයි ප්‍රතිඵල බලල කිව්වේ.ඊට පස්සේ මං ඉංජිනේරුවෙක් බවට පත්වෙනවා.මම හිතන්නෙ ප්‍රශ්න හින්දද කොහෙද එවගේ ගේමක් ගහන්න හිතුනෙ.අත්අම්මට දැන් අවුරුදු 98ක් වෙනවා.කලින් හැම පාරම ඇවිදගෙන මම එක්ක ගියා දැන් යන්නෙ රෝද පුටුවෙන්..
කිසි දෙයක් නැති කාලේ ලෝකයක් දුන් කිරි අම්මේ අද මා නුඹට ලෝකයක් දෙමි..
මගේ කිරි අම්මේ මම ගොඩක් ආදරෙයි!
-මහේෂ් සේනානායක-

කැමති අය අපේ discussion group එකට join වෙන්න ❤️👍
https://t.me/+4JrDFAVJ1EgzZTNl
https://t.me/+4JrDFAVJ1EgzZTNl
දිනන්න නම් මොනවා හරි "අහිමි" වෙන්නම ඕනද? (The Physics of Sacrifice) ⚛️⚖️
අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි, "ඇයි මම මෙච්චර දුක් විඳින්නේ? ඇයි කැම්පස් යන්න නම් මට මගේ ෆන් එක, නින්ද, ආතල් එක ඔක්කොම නැති කරගන්න වෙන්නේ?" 😫
මේක අසාධාරණයි වගේ පෙනුනට, Physics වල හැටියට මේක තමයි විශ්වයේ පරම සත්‍යය.
Physics කරන අය දන්නවා Mass Defect (ස්කන්ධ ඌනතාවය) කියන දේ.
පරමාණුවක න්‍යෂ්ටිය (Nucleus) හැදිලා තියෙන්නේ Protons සහ Neutrons වලින්.
හැබැයි මැජික් එක මේකයි: 🪄
ඔයා Protons වලයි Neutrons වලයි බර තනි තනිව මැනලා එකතු කරොත් එන උත්තරේ (M), ඒ ඔක්කොම එකතු වෙලා හැදුනු Nucleus එකේ බරට (M') වඩා වැඩියි! (M > M')
ඒ කියන්නේ, න්‍යෂ්ටිය හැදෙනකොට ස්කන්ධයෙන් කොටසක් අතුරුදහන් වෙලා! 📉
කෝ මේ අතුරුදහන් වුණ ස්කන්ධය (Delta m)?
අයින්ස්ටයින් ඒකට උත්තරේ දුන්නා: E = Delta m c^2 🔥
අර අතුරුදහන් වුණ ස්කන්ධය තමයි, අර ප්‍රෝටෝන ටික එකට බැඳලා තියාගන්න ඕන කරන Binding Energy (බන්ධන ශක්තිය) බවට පත් වුණේ.
තමන්ගේ ස්කන්ධයෙන් කොටසක් "පුච්චන්නේ" නැතුව, න්‍යෂ්ටියකට "Stable" වෙන්න බෑ. ස්කන්ධය කැප නොකරොත්, ප්‍රෝටෝන විකර්ෂණය වෙලා න්‍යෂ්ටිය පුපුරලා යනවා. 💥
මේක ඔයාගෙ ජීවිතේ! 🧬🧠
ඔයාට ඕනේ ඔයාගෙ Stable Nucleus එක හදාගන්න.
හැබැයි ඒකට එල්ල වෙන බාධා (Repulsion) වැඩියි. තරඟය වැඩියි.
ඔයාට ඒ තැනට ඇවිල්ලා "Stable" වෙන්න ඕනේ නම්, ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ජීවිතේ සමහර කොටස් "Mass Defect" එකක් විදියට අයින් කරන්න.
ඔයාගේ නින්ද (Delta m)
යාලුවොත් එක්ක රවුම් ගහන එක (Delta m)
Phone එකේ ගත කරන කාලය (\Delta m)
ඔයා මේ කරන කැපකිරීම් නිකන්ම අපරාදේ යන දේවල් නෙවෙයි.
Physics වලට අනුව, "ඔයා විනාශ කරගන්නා සැප සම්පත් ප්‍රමාණය තමයි, ඔයාගේ සාර්ථකත්වය එකට බැඳලා තියාගන්නා ශක්තිය (Binding Energy) බවට පත් වෙන්නේ." ✨
ස්කන්ධ ඌනතාවයක් (Sacrifice) නැතුව, බන්ධන ශක්තියක් (Success) නෑ. ඒක විශ්වයේ නීතියක්.
ඉතින් අද රෑ පාඩම් කරද්දී ඇස් රිදෙනවා නම්, ඔලුව රිදෙනවා නම්, හිතන්න:
"I am creating my Mass Defect right now. This pain is just converting into Binding Energy." 💪🔋
Stable වෙන්න නම්, ටිකක් දිය වෙන්න වෙනවා.
බය වෙන්න එපා. Result එක ආපු දවසට ඒ "Energy" එක මුළු ලෝකෙටම පේන්න එළියට එනවා! 🌟🚀
#Physics #NuclearPhysics #MassDefect #Emc2 #MotivationLK #MedicalStudent #Engineering #Sacrifice #Success

https://link.yeolpumta.com/P3R5cGU9Z3JvdXBJbnZpdGUmaWQ9NjE2MzEzOQ==
අපේ study group එකේ ලින්ක් එක 🌚🔥
අපේ study group එකේ ලින්ක් එක 🌚🔥
Telegram නාලිකාව Link විස්තර