Telegram
Telegram නාලිකාව Link
Channel - බෞද්ධ අපි☸️ - Telegram Channel
👁
2
views
↗
0
joins
මෙම telegram නාලිකාව link
🌸 සංවාදයන් සදහා සමූහය භාවිත කරන්න 🌸 ලිපි කියවීම සදහා channel එකට එකතු වන්න @buddhism2020 PDF - @buddhist_library_bot video/Audio - @buddhismlLKbot
Telegram නාලිකාව
මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.
300
අනුගාමිකයින්
25 Jan 2026
නවතම පළ කිරීම
Telegram media post
Telegram media post
සියලු කෙස් කපා අවසන් වීමට පෙර සියලු කෙලෙසුන්ගෙන් දුරුවෙමින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව් පිළිසිඹියාපත් මහ රහත් බවට පැමිණි සේක. තුන් සිවුරු සහ අට පිරිකර දැරුවේ රහත් වීමට පසුව ය.
ක්‍රමයෙන් කල් ගෙවී ගියේය. දිනක් අපගේ සීවලී මහ රහතන් වහන්සේට මෙවැනි සිතක් පහළ විය.
" මට මේ පුජා ලැබෙන්නේ නගර වලදී පමණක් ද ඈත ප්‍රත්‍යන්ත ප්රදේශවලදීත් මේ පූජාවන් ලැබේද ? මෙය පරික්ෂා කර බැලිය යුතුය."
එසේ සිතූ උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලැබගෙන පන්සිය නමක් රහතන් වහන්සේලා සමඟ හිමාලයට වැඩම කර එහි මහා නුග ගසක් යට සිටි සේක.
දානය වළඳන වේලාව පැමිණි කල්හි දෙවිවරුන් පැමිණ "ආර්ය උත්තම සීවලී මහ තෙරුන් වහන්සේට නමස්කාරය වේවා...!!! මහ තෙරුන් වහන්ස, අපට අනුකම්පාවෙන් මේ දිව්‍ය භෝජන පිළිගන්නා සේක්වා"යි මහ තෙරුන් වහන්සෙ ඇතුළු අනෙකුත් රහතන් වහන්සේලාටත් දිව්‍ය භෝජන පිළිගැන්වූහ. උන්වහන්සේ සත් දිනක් එහි වැඩ සිටි සේක. සත් දිනම දිව්‍ය භෝජනයෙන් පූජා ලැබූහ.
දෙවැනි වතාවේ පාණ්ඩව පර්වතයට වැඩි සේක. එහිත් දෙවියන්ගෙන් නොමදව පූජා ලැබූහ.
තෙවැනි වතාවේ අචිරවති ගඟ අසලට වැඩි සේක. එහිත් එයම විය.
හතර වැනි වතාවේ සාගර තලයට වැඩි සේක. එහිත් එයම විය.
පස් වන වතාවේ හිමවන්තයට වැඩි සේක. එහිත් එයම විය.
සය වන වතාවේ ඡද්දන්ත නම් විල් තෙරට වැඩි සේක. එහිත් පූජාවන්ගෙන් අඩුවක් නොවීය.
සත් වැනි වතාවේ ගන්ධමාදන පර්වතයට වැඩි සේක. එහිත් පුද පූජාවන්ගෙන් අඩුවක් නොවීය.
තමන් වහන්සේගේ ලැබීමේ තරම දැන ගත් සීවලී මහ රහතන් වහන්සේ නැවත භාග්‍යවතුන් වහන්සේ වෙතට වැඩි සේක. ඒ අතර එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ බාල සොයුරු රත්නය වූ ඛදිර වනාන්තරයේ රේවත මහ රහතන් වහන්සේව දකින්නට විහාරයේ වැඩ සිටි සියළු භික්ෂු සංඝයා සමඟ පිටත් වූ සේක.
භික්ෂු සංඝයා වහන්සේලා පිරිවරා ගත් භාග්‍යවතුන් වහන්සේ දස දිසාවම කසාවතින් ඒකාලෝක කරමින් මනරම් පැහැයෙන් සැම තැන බුබුළුවාගෙන වැඩම කරද්දී එක්තරා දෙමං හන්දියක් අසළ නතර වූ සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේට පිටුපසින් සිටි ආනන්ද මහ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ මෙසේ පැවසූ සේක.
"ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මේ මාර්ග දෙකෙන් එක් මඟක් යොදුන් හැටක මාර්ගයක්. අනිත් මාර්ගය යොදුන් තිහක මාර්ගයක්. යොදුන් හැටක මාර්ගය දුර වුවත් ඒ මාර්ගයේ බොහෝ ජනාවාස ඇති බැවින් මාර්ගය දුෂ්කර නැහැ. නමුත් යොදුන් තිහක් වන මාර්ගය ළඟ වුවත් ඒ මාර්ගයේ කිසිම ජනාවාසයක් නැහැ. ඒ මාර්ගය බොහොම දුෂ්කරයි. මේ සඟ පිරිසට පිණ්ඩපාතයක්වත් ලැබෙන එකක් නැහැ."
එවිට තථාගතයන් වහන්සේ සීවලී මහ රහතන් වහන්සේගේ ප්‍රත්‍යලාභී ගුණය ප්‍රකට කරනු පිණිස මේ අයුරින් වදාළ සේක.
"ආනන්ද, අපි සමඟින් සීවලි පැමිණියා නේද ? සීවලී මේ සඟ පිරිසේ සිටී නම් සඟ පිරිසට පිණ්ඩපාතය නම් වරදින්නෙ නෑ."
( භාග්‍යවතුන් වහන්සේගේ පාරමී ගුණය අප්‍රමාණය. සීවලී මහ රහතන් වහන්සේ පුරා ඇත්තේ ශ්‍රාවක පාරමිතා පමණකි. සියළු දෙනාට වඩා භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රත්‍යලාභී බව ඉහළය. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ අයුරින් වදාළේ සීවලී මහ රහතන් වහන්සේගේ ප්‍රත්‍යලාභී ගුණය ලෝකයා හට ප්‍රකට කිරීමේ අදහසින් ය. )
භාග්‍යවතුන් වහන්සේ එසේ විමසූ පසු "ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, සීවලී මහ රහතන් වහන්සේත් සඟ පිරිසේ වැඩ සිටිති." යැයි ආනන්ද හිමියන් කියා සිටියේය.
එසඳ භාග්‍යවතුන් වහන්සේ තිස් යොදුන් මඟට පිවිසි සේක.
මේ යන ගමනේදී යොදුනෙන් යොදුන භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සඟ පිරිසට දෙවිවරුන් පිරිස ආරාම මවා පූජා කළහ. එමෙන් ම පෙරවරු කාලයේදී දෙවිවරුන් පැමිණ "අපගේ සීවලී මහ රහතන් වහන්සේ කොහිදැ"යි සොය සොයා සීවලී මහ රහතන් වහන්සේ හටත් භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සඟ පිරිසට නොයෙක් අයුරින් දිව්‍යමය දන් පැන් පූජා කරන්නට වූහ. ඒ අයුරින් ම විකාලයේ දී ගිලන් පස පූජා කළහ.
මේ අයුරින් මාසයක් පමණ කාලයක් දෙවිවරුන්ගේ පූජා මධ්‍යයේ භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සඟ පිරිස යොදුන් තිහක් පමණ මාර්ගය පසු කර සුව සේ ඛදිර වනාන්තරයට වැඩම කළ සේක.
භාග්‍යවතුන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා ඛදිර වනයෙන් ආපසු දෙව්රම් වෙහෙරට වැඩි විටදී භාග්‍යවතුන් වහන්සේ දහම් සභාවේ දී සීවලී මහ රහතන් වහන්සේ හට මෙවැනි අග තනතුරක් ප්රදානය කළ සේක.
"මහණෙනි, මේ සීවලී ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍ර වන්නේය. මේ සීවලී හැරුණු කොට සිව්පසයෙන් පිදුම් ලබනා වෙනත් භික්ෂුවක් මාගේ බුදු සසුනේ නැත."
සිව්පසලාභීන්ගෙන් අග්‍ර තානාන්තරය ලද ඒ උතුම් සීවලී මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
උපුටාගත් සදහම් ලිපියකි
- Copied

🌼🌼 සීවලී මහ රහතන් වහන්සේ 🌼🌼
ඒ මෙයින් කල්ප ලක්ෂයකට පෙර දසබලධාරී පදුමුත්තර තථාගතයන් වහන්සේ ලොව පහළ වූ කාලයයි. ඒ කාලයේ දී හංසවතී රාජධානියේ එක් සැදැහැති ක්ෂත්රීය රජෙකු සිටියේය.
දිනක් මේ රජු ධර්ම ශ්‍රවණයට විහාරයට ගිය විට පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ සුදර්ශන නම් මහ රහතන් වහන්සේ දෙසට දකුණු ශ්‍රී හස්තය දිගු කර සිවුපසලාභීන්ගේ අග්‍ර තානාන්තරය ප්රදානය කළ සේක.
මෙයින් ප්‍රීති ප්රමෝදයට පත් වූ මේ රජු සතියක් පුරාවටම තථාගතයන් වහන්සේ ප්රමුඛ මහා සංඝ රත්නයට දන් පිළිගැන්වූවේ ය.
මේ කුසල කර්මය හේතුවෙන් අනාගත සම්බුදු සසුනක ප්‍රත්‍යලාභීන් අතුරෙන් අග තනතුරු ලැබ නිවන් දකීවා කියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රාර්ථනා කළේ ය.
එකල්හි පදුමුත්තර සර්වඥ රාජෝත්තමයන් වහන්සේ ඉදිරි කාලය බලා වදාරා නියත වූ මෙවැනි අනාගත වාක්‍යක් වදාළ සේක.
"පින් ඇති රජුනි, මෙයින් කල්ප ලක්ෂයකින් මත්තෙහි ඔක්කාක රජ කුලය සම්භවය කරගෙන සූර්ය වංශයෙන් මේ ලොවට පහළ වන්නා වූ ගෞතම නම් බුදු රජුන්ගේ සසුනේ දී සීවලී නමින් පැවිදි බව ලබනා ඔබ දක්ෂිණාලාභීන් අතුරින් අග තනතුරු ලබා මේ සසර ගමන කෙළවර කරන්නේය."
එතැන් පටන් බොහෝ පින් කළ රජු මරණින් පසු අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සුගති සම්පත් වින්දනය කර විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි පිටිසර ගමක තරමක් දිළිඳු වී ඉපදුණේ ය.
තමාගේ ස්වාමියා වෙත කිරිත්, මී පැණිත් ගෙන යන අවස්ථාවේ දී මිනිසුන් පිරිසක් විපස්සි සර්වඥ රාජෝත්තමයන් වහන්සේ ප්රමුඛ මහා සංඝ රත්නයට පවත්වන දානයකට මී කිරි සොයමින් යන විටදී කිරිත්, මී පැණිත් පූජා කිරීමට මෙතුමාට අවස්ථාව ලැබුණේ ය.
ප්‍රධාන භෝජන වළඳා අවසන් වූ කල්හි මේ තරුණයාගේ අතින්ම තථාගතයන් වහන්සේගේ පාත්‍රයට කිරි සමඟ මී පැණි පූජා කළේය. එකල්හි තථාගතයන් වහන්සේ සුළු දේ බොහෝ ප්‍රමාණයක් කරනා එක්තරා සෘද්ධියක් කර මේ කිරි සහ මී පැණි සංඝ රත්නයටත් පූජා කරන්නයැයි වදාළ සේක.
තථාගතයන් වහන්සේගේ සෘද්ධි අධිෂ්ඨාන ආනුභාවයෙන් සියළු සංඝයා වහන්සේලාට කිරි පැණි බෙදා අවසන් වන තුරු කිරිත්, මී පැණිත් අවසන් නොවීය.
ඉන්පසු විවිධ පින් දහම් කොට අපගේ ගෞතම තථාගතයන් වහන්සේගේ කාලයේ කෝලිය වංශයෙහි සුප්පාවාසා නම් රජ දියණියගේ කුසෙහි මේ පින්වත් කුමරු පිළිසිඳ ගත්තේ ය. ඔහුගේ පිළිසිඳ ගැනීමෙන් පසු එම කුමරියට අසිරිමත් සිදුවීම් සිදුවන්නට වූවා ය. වැපිරීමට ඇති බීජ ඇය ස්පර්ශ කළ විට එක බීජයකින් බීජ සිය දහස් ගණනක් පැන නඟින්නේ ය. අටුවෙන් ධාන්‍ය ගත් විට අටුව නැවතත් ධාන්‍යවලින් පිරුණි. සුප්පාවාස බිසව ගැබ්ගත් දවසට පසුවදා නුවර සිව් දෙසින් ම තුටු පඬුරු ලැබිණි. කිසි කලෙක නො ලැබූ තරම් සම්පත් වලින් රජ මැදුර පිරී ගියේ ය. දරු ගැබ සෙමින් වැඩිණ. දස මසක් ගෙවුන ද දරුවා නො ලැබිණ. විසි මසක් ගෙවී ගිය ද දරුවා නොලැබිණ. තුන් වසරක් ගෙවිණ. සත් වසරක් ගෙවිණ, එහෙත් දරුවා නොලැබිණ. මව අති මහත් වූ වේදනාවකට පත්ව සිටියා ය. ගැබ තුළ දඟලන දරුවා ඇසට නො පෙනුන ද ඇගේ සිතට පෙනිණ. අවුරුදු හතක්, මාස හතක් ඉක්ම වූ කල්හි පින්වත් සීවලී කුමරු මෙලොව පහළ විය.
සීවලී කුමරු සත් අවුරුදු, සත් මසක් දරු ගැබ තුළ සිරවී සිටිමින් ඒ කුමාරයාත්, මවත් ඉතා බරපතල ලෙස දුක් විඳි සිද්ධියට හේතු වූ කරුණ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
සීවලී කුමරු පෙර භවයක රජකම් කළ සමයක එක් කුඩා රාජ්‍යයක් අල්ලා ගැනීමට සටනක් කළේ ය. රාජ්‍ය යටත් කරගත නොහැකි විය. මේ නිසා ඒ රටට ආහාර එන මාර්ග වසා දැමී ය. සත් අවුරුදු සත් මසක් මාර්ග පාලනය කරමින් රැකවල් දැමුවේ ය.
එයින්ද ඵලක් නොවුණි. ආහාර සපයන උමඟක් ගැන රජුගේ මවට අසන්නට ලැබිණි. ඒ උමඟ වසා දමන්න කියා ඇය රජුට උපදෙස් දුන්නා ය. සත් දිනක් තිස්සේ ආහාර නොලැබ කෝප වූ රට වැසියෝ සිය රජු මරා සතුරු රජුට යටත් වී ආහාර ලැබෙන මාර්ග විවෘත කරවා ගත්හ. මෙම අකුසල කර්මය නිසා දරුණු ලෙස සත් අවුරුදු සත් මසක් විළිරුදා විඳින්නට විය.
සීවලී කුමරු බිහිව සත්වැනිදා ලිච්ඡවි රජ මැදුරේ දී තථාගතයන් වහන්සෙ ප්රමුඛ මහ සඟ රුවනට දානයක් පිරිනැමිණ. දානය අවසන සුප්පාවාසා බිසව සිය පුතු සමඟ භාග්‍යවතුන් වහන්සේ සහ භික්ෂූන් වහන්සේගේ සිරි පා වන්දනා කළහ. මුලින්ම භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වන්දනා කළ සීවලී කුමරු පසුව සැරියුත් මහ රහතන් වහන්සේ අසලට පැමිණ උන්වහන්සේ අසළ සිටියේය. පැවිදි වන්නට අවසර පැතූ කල්හි දෙමව්පිය අවසරයෙන් සීවලී කුමරුන්ව විහාරයට කැඳවා ගෙන ගිය සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ වදාළ සේක.
"සත් වසරකටත් වැඩි කාලයක් මවු කුසේ සිරවී විඳි දුක් හොඳින් සිහිපත් කරන්න." යි කියමින් උන්වහන්සේ කුමරුගේ පළමු කෙස් රොද කපා අතට දුන්නේ ය. එය දකින විටම පෙර පින් ඇති නිවන් පිණිස ප්‍රඥාව මෝරා තිබූ සීවලී කුමරු සෝවාන් ඵලයට පත් වූයේ ය. දෙවන කෙස් රොද අතට ගැනීමත් සමඟ සකෘදාගාමී ඵලයට පත් විය. තෙවැනි කෙස් රොද අතට ගැනීමත් සමඟ අනාගාමී ඵලයට පත්විය.

Live stream finished (1148 days)
ඇමදීමේ අනුසස්
වන්දනාව සඳහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නො සළකා නො යා යුතුය. තමන් පැමිණි විට මලසුන්වල පරමල් ඇති නම් ඉවත් කළ යුතුය. මලසුන් අපවිත්‍ර වී ඇති නම් සෝදා පිරිසිදු කළ යුතුය. විහාරගෙය අපිරිසිදු වී නම් ඇමද පිරිසිදු කළ යුතුය. මිදුල් ඇමද පිරිසිදු කළ යුතුය. දාගැබ අවට බෝධිය අවට කසල ඇති නම් ඇමද ඉවත් කළ යුතුය. තණ හා වල් පැළෑටි වැවී ඇති නම් ඉවත් කළ යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමෙකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කරගත හැකි පින්කමෙකි.
ඇමදීමෙන් ලැබෙන බොහෝ අනුසස් සකිං සමජ්ජක ථෙරාපදානය, බෝධිසමජ්ජක තෙරාපදානය යන දෙක්හි දක්වා තිබේ. උපදින උපදින ජාතියේ අංග ප්‍රත්‍යංග සම්පූර්ණ වීම, උසමහතින් යුක්ත වීම, ශරීරය වර්ණවත් වීම, සම සිනිඳු වීම, ජනප්‍රිය වීම, දීර්ඝායුෂ්ක වීම, ශරීරය ශක්තිමත් වීම, බෝ කල් දුක් විඳින ජනයාට අප්‍රිය වන ලාදුරු පරංගි කඩුවේගන් වන හා නොයෙක් නපුරු කුෂ්ඨ රෝග ඇති නොවීම, සුදුකබර වායු ගෙඩි ඉණිගැට සුදුලප කළුලප කුරුළෑ අලුහන් තොල් අතුල් පතුල් පැලීම සම ඉරිතැලීම යන මේ රෝග නො හට ගැනීම ඇමදීමේ අනුසස් වශයෙන් විශේෂයෙන් කියා තිබේ.
ස්ත්රීන්ට, සත්පුරුෂයන්ට අපරාධ කිරීම, පරසන්තක වස්තුව පැහැර ගැනීම ආදී පව්කම්වලින් කුෂ්ඨ රෝගය හට ගන්නා බවත් කුෂ්ඨ රෝගියා මළ පසු එය භවාන්තරයට යන බවත් වෛද්‍ය ග්‍රන්ථවල කියා තිබේ. ගුණවතුන්ට අපරාධ කිරීමේ පවින් කුෂ්ඨ රෝගය හටගන්නා බව බුදුදහමෙහි ද කියා තිබේ. කෙතෙක් ප්‍රතිකාර කළ ද නිෂ්ඨාවට සුව නොවන කුෂ්ඨ රෝගයට සිද්ධස්ථානය ඇමද පිරිසිදු කිරීම හොඳ ප්‍රතිකාරයෙකි. කලක් එසේ කිරීමෙන් සමහර විට කුෂ්ඨ රෝගය නිෂ්ඨාවටම සුව වේ.
ඇමදීම කය පිරිසිදු වීමට පමණක් නොව සිත පිරිසිදු වීමට ද හේතු වන පින්කමෙකි. “මාගේ මේ ව්‍යායාමයෙන් මේ ස්ථානය පිරිසිදු වන්නාක් මෙන් ලෝභ - ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - විචිකිත්සාදි කෙලෙස් කසළින් මාගේ සිත ද පිරිසිදු වේවා” යන අදහස ඇතිකර ගෙන ඇමදීම කළ යුතුය. එසේ කළ කල්හි ඇමදීමේ කුශලයෙන් චිත්තපාරිශුද්ධිය ද ලැබේ. චිත්තපාරිශුද්ධිය සත්ත්වයනට ඉතාම අවශ්‍ය දෙයකි. සත්ත්වයන් නොයෙක් පව්කම් කොට නැවත නැවත අපායෙහි උපදින්නේ ද චතුස්සත්‍යාවබෝධ කොට නිවනට නො පැමිණිය හැකිව සසර රැඳී සිටින්නේ ද සිතෙහි අපිරිසිදු බව නිසාම ය. චිත්තපාරිශුද්ධිය ලැබීමට කරන්නට ඇති හොඳම පින්කම සිද්ධස්ථාන පවිත්‍ර කිරීම ය.
- රේරුකානේ චන්දවිමල හිමියන්ගේ "පුණ්‍යෝපදේශය" කෘතිය ඇසුරෙනි.

පහන් පූජාවේ ආනිසංස 🪔
Telegram media post
Telegram media post
📗ධම්මපදය📗
යථාපි පුප්ඵරාසිම්හා කයිරා මාලාගුණෙ බහූ
එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං.
▪️දක්ෂ මාලාකාරයෙක් මල් රැසෙකින් යම්සේ බොහෝ මල්දම් කරන්නේ ද, එසේ ම උපන් සත්ත්වයා විසින් බොහෝ කුසල් කටයුතු ය.

🟣සප්පුරිසදාන සූත්‍රය🟣
(සැවැත්නිදාන යි)
▪️මහණෙනි, මේ සත්පුරුෂදාන අටෙකි. කවරඅටෙක යත්:
▪️පිරිසුදු දැය දෙයි. ප්‍රණීත දැය දෙයි. සුදුසු කල්හි දෙයි. කැපවූවක් දෙයි. පරීක්ෂාකොට දෙයි. නිරතුරු දෙයි. දෙනුයේ සිත පහන් කෙරෙයි. දී තුටුසිත් ඇතියේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂ දාන අටයි.
▪️මනා ක්ෂේත්‍ර වූ බ්‍රහ්මාචාරීන් කෙරෙහි පිවිතුරු වූ පිණී වූ සුදුසු කල්හි වූ කැප වූ පානභෝජන සඞ්ඛ්‍යාත දානය නිතර දෙන්නේ ය.
▪️බොහෝ ආමිස දී නො ද විපිළිසරවන්නේ ය. විදර්ශීහු (ප්‍රාඥයෝ) මෙසේ දෙනලද දන් වනත්.
▪️සැදැහැති ස්ථානෝත්පත්තික නුවණ ඇති පණ්ඩිත තෙමේ (මසුරුමලින්) මුත් සිතින් මෙසේ දන් දී නිදුක් සැප ඇති ලොවට පැමිණේ.

වාණිජො’ව භයං මග්ගං අප්පසත්ථො මහද්ධනො
විසං ජීවිතුකාමො’ව පාපානි පරිවජ්ජයෙ.
⭕️(සොරුන් සිටි හෙයින් භය කටයුතු වූ මඟ වළහන්නා වූ) කැටි වැ යන සාත්තුවක් නැති (හෝ මඳ වූ සාර්ත්ථ පිරිසක් ඇති) බොහෝ ධන ඇති, වෙළෙඳක්හු මෙන් ද, හලාහල විෂයක් දුරු කරණ, ජීවත් වනු කැමති එකක්හු මෙන් ද, අකුශල කර්ම දුරු කරන්නේ ය.
(ධම්මපදය)

✳️පබ්බතූපම සූත්‍රය✳️
සැවැත්නුවර -
▫️එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ තෙපි දැන් මේ දෙවෙන් දවාලෙහි කොහි සිට එවුද?
▫️වහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජු බැවින් මැඩුනු දනව්හි තිරබවට පත් මුදුන්හි අභිෂේක කරණ ලද මහත් පොළෝමඬල දිනා අධිපතිව වෙසෙන කැත් රජුන්ට යම් ඒ රජකටයුතු ඇද්ද, මම දැන් එහි උත්සුකබවට පැමිණියෙම් වෙමි.
▫️මහරජ, ඒ කුමකැයි හගිහු ද? මෙහි තොප විසින් ඇදහියයුතු පිළිගත හැකි වචන ඇති පුරුෂයෙක් පෙර දිගින් එන්නේ ය. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම පෙරදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. ඉක්බිති දෙවෙනි පුරුෂයෙක් දකුණු දිග සිට එයි….. ඉක්බිති තෙවෙනි පුරුෂයෙක් පැසුළු දිග සිට එයි …. ඉක්බිති ඇදහිය යුතු පිළිගත හැකි වචන ඇති සිව්වැනි පුරුෂයෙක් උතුරු දිග සිට එයි. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම උතුරුදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. මහරජ, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි වූ තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද?
▫️වහන්ස, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි ධර්මචර්ය්යාව සමචර්‍ය්‍යාව කුශලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර අන් කිමෙක් කටයුතු වන්නේ ද.
▫️මහරජ, තොපට කියමි. මහරජ, තොපට දන්වමි. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටී. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටි කල්හි තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද?
▫️වහන්ස, ජරාමරණ දෙක (අප) මැඩ ගෙණ සිටි කල්හි ධර්මචර්ය්යාව සමචර්‍ය්‍යාව කුසලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර මාවිසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.
▫️වහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජුබැවින් මඩනාලද දනව්හි තිරබවට පත් මහත් පොළෝමඬල දිනා අධිපති ව වෙසෙන මුදුන අභිෂේක කළ කැත් රජුන්ගේ යම් ඒ ඇත්යුධ වේ නම් වහන්ස, ජරාමරණදෙක අප (මැඩ) ගෙණ සිටි කල්හි ඒ ඇත් යුදවලට ද වැඩෙක් නැත. සමත්බවෙක් නැත.
▫️වහන්ස, මුදුන අභිෂේක කළ … කැත් රජුන්ගේ යම් ඒ අස්යුද වේ නම් … රථයුද වේ නම් … පාබලයුද වේ නම් වහන්ස, ජරා මරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ පාබළ යුධවලට ද වැඩෙක් නැත. සමත් බවෙක්ද නැත.
▫️වහන්ස, යම් කෙනෙක් ආවා වූ සතුරන් මන්ත්‍රණයෙන් බිඳුවා ලන්නට සමත් වෙත් නම් එබඳු මැති ඇමතිකෙනෙක් මේ රජකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ මන්ත්‍රයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත.
▫️වහන්ස, ආවා වූ සතුරන් ධනයෙන් පොලඹවා ගන්නට යම් ධනයෙකින් අපි සමර්ත්ථ වමෝ නම් පිහිටියා වූත් අහස සිටියා වූත් එබඳු බොහෝ රන් අමුරන් මේ රදකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණදෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ ධනයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත.
▫️වහන්ස, ජරාමරණ දෙක මා මැඩ ගෙණ සිටි කල්හි ධර්මචර්ය්යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර මා විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.
▫️මහරජ, තෙල එසේය. මහරජ. තෙල එසේ ය. ජරාමරණදෙක (තොප) මැඩගෙණ සිටි කල්හි ධර්මචර්ය්යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර තොප විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.
▫️භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා වැලි අන්‍ය වූ තෙල ගාපෙල ද වදාළ සේක:
▫️යම්සේ මහත් වූ ශෛලමය වූ අහස හැපී (සිටි) පර්වතයෝ හාත්පස සිවු දිගුන් සුණු කෙරෙමින් පෙරළී එන්නාහු ද,
▫️එසේ ජරාවත් මරණයත් ක්ෂත්රියයන් ද බ්‍රාහ්මණයන් ද වෛශ්‍යයන් ද ශුද්‍රයන් ද සැඬොල් පුස්සඬු කුලයෙහි වුවන්ද යන සියලු සතුන් යට කෙරෙත්. කිසිවක් අත් නො හරී. සියල්ල ම මඩී.
▫️එහි ඇතුන්ට ද රථයන්ට ද පාබලසෙනඟ ට ද විෂයස්ථාන නො වේ. මන්ත්‍රයුද්ධයෙන් හෝ ධනයෙන් හෝ දනන්නට නො ම හැක්කේ ය.
▫️එහෙයින් ධෛර්ය්යවත් වූ නුවණැති පුරුෂ තෙමේ තමහට වැඩ දක්නේ බුදුන් කෙරෙහි ද ධර්මය කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද ශ්‍රද්ධාව පිහිටුවන්නේ ය.
▫️යමෙක් කයින් ද වචනයෙන් ද යලි සිතින් ද ධර්මයෙහි හැසිරෙණ සුලු ද (නුවණැත්තෝ) මෙලොව ම ඔහු පස්සත්. පරලොව ස්වර්ගයෙහි සතුටු වෙයි.

න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සො ජගතිප්පදෙසො
යත්ථඪිතො මුච්චෙය්ය පාපකම්මා
📕යම් තැනෙක සිටි සත්ත්ව තෙම තමා විසින් කරණ ලද පාපකර්මයෙන් (විපාක දුක් අනුභව නොකොට) මිදී යේ ද, (කෙසගක් පමණ වූ ද එසේ වූ භුමිප්රදේශයෙක් නැත.) ආකාශයෙහි දු (පාපකර්මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්) නැත. සමුද්‍රමධ්‍යයෙහි දු (පාපකර්මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්) නැත. පර්වතයන්ගේ විවරයට වැද ද පාපකර්මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක් නැත.

Telegram නාලිකාව Link විස්තර