Telegram
Telegram නාලිකාව Link
GLOBAL NEWS SRI LANKA 🇱🇰 - Telegram Channel
👁
2
views
↗
0
joins
මෙම telegram නාලිකාව link
ශ්‍රී ලාංකීය අපට එදිනෙදා වැදගත් වන පුවත් වලට මූලිකත්වය දෙමින් අපක්ෂපාතීව දෙස් විදෙස් පුවත් ඔබ වෙත රැගෙන ඒම මේ චැනලයේ බලාපොරොත්තුවයි.. Contact Us - @contactGNSLbot
Telegram නාලිකාව
මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.
4.5K
අනුගාමිකයින්
15 Oct 2026
නවතම පළ කිරීම
☕️
මාතර - මිරිස්ස වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ගෝනි 6ක් (120 kgකට අධික) සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට.
globalnewssrilanka
globalnewssrilanka
සීගිරිය බලන්න ආවෙ නැතැයි කලහ කළ ඇමරිකානුවා අනුරපුරදී අත්අඩංගුවට
තම පුත්‍රයා සමඟ සීගිරිය නැරඹීමට යාමට අවසර නොදීම හේතුවෙන් උරණ වූ ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු බීමතින් පැමිණ නිවාස හිමියාට පිහියකින් ඇනීමට තැත් කර දේපළවලට ද හානි කිරීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙයි.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට සංචාරයක් සඳහා පැමිණ අනුරාධපුරය පළමු පියවර ප්‍රදේශයේ නිවසක ඉහළ මාලය කුලී පදනම මත ලබාගෙන සිටි 52 හැවිරිදි ඇමෙරිකන් ජාතිකයෙකි.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සලසන්න නාවික හමුදාව සීරුවෙන්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසනවා.
ඉන් කණ්ඩායම් පහක් මධ්‍යම සහ සබරගමුව පළාත් තුල මේ වනවිටත් ස්ථානගත කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
ඒ අනුව එම කණ්ඩායම් නාවලපිටිය, ගම්පොළ සහ රත්නපුර ප්‍රදේශවල ස්ථානගත කර තිබෙනවා.

ෆ්ලයි ඩුබායි ගුවන් යානයක පසුගියදා ඇති වූ ගැටුමින් පසු එම ගුවන් සමාගමේ යානාවලට තම රටට ඇතුළුවීම ඊශ්‍රායලය තහනම් කිරීමත් සමඟ මෙරට තරුණ තරුණියන් දහසකට වැඩි පිරිසකට එරට රැකියා සදහා යාමට නොහැකි වී තිබෙනවා.
globalnewssrilanka
globalnewssrilanka
ශිරන්ති රාජපක්ෂ ගැන වෛද්‍ය මණ්ඩල වාර්තාව අද රෝහල් අධ්‍යක්ෂට.
globalnewssrilanka
globalnewssrilanka
ශ්‍රී ලංකාව තවත් IMF වැඩසටහනකට යාමට සූදානමින්?
globalnewssrilanka
globalnewssrilanka
ගල්අඟුරු ගනුදෙනු ගැන හිටපු ඇමතිනී පවිත්‍රාගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි
විදුලි බල හා බලශක්ති හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව පෙරේදා (13) පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර සාක්ෂි සටහන් කර ගත්තේය.
globalnewsrilanka

චීවරයක් හැඳ සිටි පුද්ගලයෙකු සමඟ ගත් ඡායාරූපයක් ගැන විමල්ගෙන් චතුරංගට චෝදනා
වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා චීවරයක් හැඳ සිටි පුද්ගලයෙකු සමඟ ඡායාරූපයකට පෙනී සිටීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විවේචනාත්මක අදහස් පළ කර තිබෙනවා.
දෙරණ නාලිකාවේ විකාශය වූ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අදාළ පුද්ගලයා භික්ෂූන් වහන්සේ නමක් නොව ගිහි පුද්ගලයෙකු බවයි.
රැවුල වවාගත් ගිහි පුද්ගලයෙකු චීවරයක් හැඳ සිටින අවස්ථාවක ඔහු සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට සිතෙන්නේ කෙසේදැයි විමල් වීරවංශ මහතා එහිදී ප්‍රශ්න කළා.
වැඩසටහන අතරතුර අදාළ පුද්ගලයා සම්පූර්ණයෙන්ම ගිහි පුද්ගලයෙකු බවට තහවුරු වී තිබේදැයි විමසූ අවස්ථාවේදී, එය තහවුරු බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

කොදෙව්වෝ ඉන්දියාවට ඉන්දීය බිමේදීම රිදෙන්නම දෙයි – නායක ශයි හෝප්ස්ගෙන් මතක හිටින පාඩමක්
ඉන්දියාව සමග පැවැත්වෙන තරග 5න් යුත් T20 ක්‍රිකට් තරගාවලිය 2ට 2ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා.
ඒ, දෙපිල අතර ඊයේ පැවති තරගය ලකුණු 24න් පරාජය කරමින්.
බටහිර ඉන්දීය කොදෙව්වන් මෙම ජයග්‍රහණය ලබා ගත්තේ ඉන්දියාවට වාසිදායක ඉන්දීය බිමේදීම දස දහස් සංඛ්‍යාත ඉන්දීය ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේදී වීම විශේෂත්වයක් වෙනවා.
තරඟය පැවැත්වුණේ හයිද්‍රාබාද් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

ලංකාවේ පෙම්වතාගෙන් පොලු පහර කෑ ජර්මන් පෙම්වතිය රත්ගම පොලිසියට දුවගෙන ඇවිත්
ශ්‍රී ලාංකික පෙම්වතෙකුගේ ආදරය විශ්වාස කරමින් ධීවර බෝට්ටුවක් මිලදී ගැනීමට යුරෝ 25,000ක මුදලක් ලබාදුන් ජර්මන් ජාතික කාන්තාවකට, අවසානයේදී එම පෙම්වතාගෙන්ම පොලු ප්‍රහාරයකට ලක්වීමට සිදුවූ පුවතක් රත්ගම ප්‍රදේශයෙන් වාර්තා වේ. පහරකෑමට ලක්වූ 40 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාව මේ වන විට සිය පෙම්වතාට ලබාදුන් එම මුදල ආපසු ලබාදෙන ලෙස ඉල්ලා රත්ගම පොලිසියට පැමිණිලි කර ඇත.
globalnewsarilanka

දරුවෙකු ඝාතන කිරීමේ පාතාලයේ තැතක් වරදී – STF මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙකුත් අත්අඩංගුවට
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “පලනි කැනිස්ටර්“ නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු සහ යතුරුපැදි පැදිකරුවෙකු ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
සැකකරුවන් සතුව තිබී ‘ෂොට් කටස්‘ වර්ගයේ ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 5 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 යි මිලිග්‍රෑම් 340 ක්, ජංගම දුරකථනයක් සහ ගමන් මල්ලක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ‘පලනි කැනිස්ටර්’ කණ්ඩායමට එකතුවීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ‘අසේල’ නැමැත්තෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බවයි.
එමෙන්ම අදාළ පුද්ගලයාගේ එක් දරුවෙකුද ඝාතනය කිරීමට මෙම සැකකරුවන් යොදාගෙන සැලසුම් කර තිබූ බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹුණු පාද යාත්‍රාව අද කොළඹට – ජනපති කියන තැනකට එන්න හිමිවරුන් සූදානමින්
බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පාද යාත්‍රාව අවසන් දිනය අදයි.
අද පෙරවරුවේ කඩවතින් ආරම්භ වන පාද යාත්‍රාව කොළඹ දක්වා පැමිණීමට නියමිතව තිබෙනවා.

ඥානසාර හිමිට නිදහස ඉල්ලා කරන පාද යාත්‍රාවට ප්‍රහාරයක් බන්ධනාගාර ගත කරන සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝ රත්නය සහ ගිහි පිරිසක් විසින් ආරම්භ කළ නිදහසේ පාද යාත්‍රාවට සහභාගී වූ පුද්ගලයෙකුට අද (14) යක්කල ප්‍රදේශයේ දී ප්‍රහාරයක්…
"අපි ගේන චීවරය ඥානසාර හිමිට පලඳවන්න ඕනෙ. පලඳවලා කොන්දේසි විරහිතව සමාව දෙන්න ඕනේ.."
globalnewssrilanka
globalnewssrilanka
සමාජ මාධ්‍ය සටහනකින් මුහම්මද් නබිතුමාට අපහාස කළ බවට චෝදනා ලබමින් 23 හැවිරිදි ඉරාන තරුණියකට මරණ දණ්ඩනය නියම කරයි.
globalnewssrilanka
globalnewssrilanka
හයේ හතරේ උස, මහත හොඳ පිරිමියෙක් දැක්කොත් ගෑනු 100ක් විතර පටලවනවා. මං නම් ආසයි මට ගෑනු ඉන්නවා කියනවට. මොකද මං එතකොට පොන්නයෙක් නෙමෙයිනේ.. මං ඒකට කැමතියි. ඒක පිරිමි භාවයේ ලක්ෂණයන්නේ.
අනික රජ කෙනෙකුට වුනත් අන්තපුරයක් ඉන්නවනේ. ඉතින් අපටත් ඒ වගේ 100ක් 200ක් හිටියාම මොකද?
- සමන්තබද්‍ර හිමි
globalnewssrilanka
අනික රජ කෙනෙකුට වුනත් අන්තපුරයක් ඉන්නවනේ. ඉතින් අපටත් ඒ වගේ 100ක් 200ක් හිටියාම මොකද?
- සමන්තබද්‍ර හිමි
globalnewssrilanka
"රනිල්ගේ, මහින්දගේ පශ්චාත් භාගයේ මයිලක් තරම්වත් අනුර වටින්නෑ"
globalnewssrilanka
globalnewssrilanka
කතක් සිල්මියාපුර ඔයේ ගසාන යයි
හග්ගල සිල්මියාපුර ඔයෙන් එගොඩවීමට ගිය තිදරු මවක අද (14) පස්වරුවේ සැඩ දියපහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී ඇතයි කැප්පෙටිපොළ පොලිසිය පවසයි .
globalnewssrilanka
හග්ගල සිල්මියාපුර ඔයෙන් එගොඩවීමට ගිය තිදරු මවක අද (14) පස්වරුවේ සැඩ දියපහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී ඇතයි කැප්පෙටිපොළ පොලිසිය පවසයි .
globalnewssrilanka
බළංගොඩ හෙළකන්දේ පවුල් කීපයක් ඉවත් කරයි
පවතින දැඩි වර්ෂාව හේතුවෙන් බළන්ගොඩ නාය යාමේ අවදානමක් හේතුවෙන් හෙළකන්ද අමුපිටියාවත්ත ප්‍රදේශයන්හි ජීවත්වූ පවුල් කීපයක් මේ වන විට තම නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

Telegram නාලිකාව Link විස්තර